December 3, 2011

ලැජ්ජාව හා විලිලැජ්ජාව

මේ ලිපිය ලියන්න පාදක වෙච්ච කථාව සිද්ද වෙලා නම් ටිකක් කල්. ඒත් ඉතිං වෙලාවක් තිබුණේ නෑනේ. අද යන්තම් නිවාඩුවක් දා ගත්තා අසනීප නිසා. ඒත් ඉතිං අමාරුව පත්තකින් තියලා මේක ලියලා දානවා කියලා හිතුනු නිසා ලියන්න ගත්තා.

මගේ යාළුවෙක් ඉන්නවා වීඩියෝ සෙන්ටර් එකක. මිනිහා ගාවට නිතරම කස්ටිය එනවා ෆෝන් එකේ තියෙන මෙමරි චිප් වලට සින්දු දාගෙන යන්න. ඉතිං ඒ අතර පාසල් ළමුන් විශේෂයි. දවසක් ගෑණු ළමයි තුන් හතර දෙනෙක් ඇවිල්ලා පොරට මෙමරි චිප් එකක් දීලා මේන්න මෙහෙම කියලා.

" අයියේ. ඕකේ තියෙන වීඩියෝ ටික අයින් කරලා අපිට සිංදු ටිකක් දාලා දෙන්න. "

" නංගි මේකේ ඕන කරන ඒවා එහෙම ඇතිනේ. "

" ඕනේ නෑ අයියේ. එකම ටික බලලා ඇති වෙලා තියෙන්නේ. කමක් නෑ ඔය A කියලා තියෙන ෆෝල්ඩරේ තියලා ඉතිරි ඒවා අයින් කරලා සින්දු දාන්නකෝ. "

මිනිහා ඉතිං ඔය වීඩියෝ තියෙන ෆෝල්ඩරේ නිකම‍ට වගේ අර ගෑණු ළමයාට නොපනෙන්න බලලා. බලපු ගමන් කොපියකුත් මිනිහාගේ යන්තරේට දාගෙන. ඒ කිව්ව විදිහට සින්දු ටික දාන ගමන් පොඩි කථාවකුත් දාලා.

" නංගී ‍මොකද්ද ෆෝන් එක. "

" චයිනීස් එකක් අයියේ. මගේ නොකියා එක කැඩුනා. පස්සේ අඩුවට හම්බ වෙලා ඕක ගත්තා. "

" මෙමරි චිප් එකත් ඔයාගෙද ?. "

" ඔව් අයියේ. "

" ශා ලස්සන සින්දු ටිකක් තියෙන්නේ. කොහෙන්ද දා ගත්තේ. "

" ටිකයි අයියේ සිංදු තියෙන්නේ. ඒකත් දා ගත්තේ මගේ යාළුවෙකු‍ට දීලා. එයා ‍ගේ මැශින් එක මේ දවස් වල කැඩිලා. ඒකයි මෙහේ ආවේ සින්දු දා ගන්න. "

" ආ ආ හරි හරි. "

කස්ටිය ගියාට පස්සේ මිනිහා අර වීඩියෝ ෆෝල්ඩරේ බලලා. මිනිහාගේ ඉහ මොල රත් වෙලා. මොකද තියෙන්නේ සේරම අසභ්‍ය ග‍ණයේ වීඩියෝ. අර තියන්න කිව්ව A ෆෝල්ඩරේ තමා සුපිරිම ටික තිබිලා තියෙන්නේ. සේරම 50 කිට්ටු වෙන්න වීඩියෝ.

මට නම් පෙනෙනා ආකාරයට මෙය ඉතා යෝධ ඉදිරි පියවරකි.

අපේ රටේ කාන්තාවන් බහුතරක් මෑතක් වෙන තුරුම තමන්ගේ මංගල දින රාත්‍රියේදී සිදුවන්නේ කුමක්දැයි හරිහැටි දැනීමක් තිබුණේ නැති තරම්ය. ඇය පිරිමියා ඉදිරියේ ලැජ්ජාවෙන් ඇබරුනාය. පිරිමියාද බලාපොරොත්තු වන්නේ ලැජ්ජාවෙන් ඇඹරෙන කාන්තාවකට මිසක තමාව පෙරලාගෙන දගලන කාන්තාවනකට නොවේය. එවිට මුලසිට සරලවම පිරිමියා විසින් තමා අතිනත ගත් කාන්තාවට සියල්ල කියා දීමට සිදුවේ. ඒය ඉතා සුන්දර වනු ඇත.

නමුත් මෙම යෝධ ඉදිරි පියවරත් සමග පරිමියා අතිනත ගන්නේ සියළු දැණුමෙන් පරිපූර්න කාන්තාවකි. ඇය සියල්ල දනීය. පරිමියා විසින් ඇයට කියා දීමට දෙයක් නොමැත. පරිමියා සමග කරට කර ඇයද හිදිණු ඇත. සමහර විට පිරිමියාට වඩා දැනුමින් ද සමහර විට අත්දැකීමෙන්ද ඇය ඉදිරියෙන් සිටිනු ඇත. එවිට ඇය ඔහුට මුල සිට සරළව කියා දෙනු ඇත. මා ඉහතින් සදහන් කල යෝද පියවර මෙයය.

එවිට

අතීතයේද පිරිමියා ඉදරියේ ගැහැණිය ලැජ්ජාවෙන් ඇඹරුනාය. මතු දිනෙක ගැහැණිය ඉදිරියේ පිරිමියා විලි ලැජ්ජාවෙන් ඇඹරෙනු ඇත.

October 17, 2011

ඇසුවෙමි දුටුවෙමි.


පුංචි කාලේ ඉදලාම මෑතක් වන තුරුම මගේ හිතේ තිබුණු දෙයක් තමයි මේ සමාජයේ ඉන්න මිනිසුන් සෑම සියළු දෙනාම එකා වගේ, නරක ය කියන දේ මේ මිනිස්සු ගාව නෑ කියන එක. ඉතාම කෙටි කාලයක් මේ සමාජය ආශ්‍රය කිරීමත් එක්කම මේ සමාජය හරිම විශම දේවල් වලින් පිරී ඇති බව මට තේරුම් යන්න පටන් ගත්තා. බොහෝ අවස්තාවල මිනිසුන්ව දැඩිව විශ්වාස කරපු මට මේ විශමත්වය හරියට තේරුම් යනවිට කාලය බොහෝ දුරට ඉගිල ගිහින් තිබුණු අතර බොහෝ දේවල් වැරදී ගිහින්ද තිබුණා.

ඉතිං මේ ළගදි මට අහන්න දකින්න ලැබුණු සිද්ධියක් තමයි මේ. මෙහි කථා නායකයා කමල්. කමල් යම් ආයතනයක ප්‍රධානියෙක්. ඔහු යටතේ සේවකයින් ‍කිහිප දෙනෙක්ම වැඩ කලා. ඔහුගේ ආයතනය නිරතුරුවම පාරිබෝගිකයින්ගෙන් පිරී ගියා. කමල්ට බිරිදක් වගේම අවුරුදු 3ක 4ක පොඩි කොළු පැටියෙකුත් හිටියා. ආයතනයේ වැඩ වගේම ජීවන ‍බරෙන් යම් කිසි නිදහසක් ලබා ගන්නත් හිතාගෙන පොඩි පොඩි ව්‍යාපාර කීපයකුත් කරගෙන ගියා.

මෙහෙම කාලය ගලාගෙන යන අතර තුර කමල් සමාජයත් එක්ක ගැටෙද්දි පිරිමින් වගේම ගැහැණුන් සමගත් හොද මිත්‍රශීලීත්වයකින් කටයුතු කරනවා. නමුත් මොහු ගැහැණුන් දෙස බලන්නේ තමාගේ බිරිඳටද එහා ගිහ දේවල් ලබා ගන්නා යටි අරමුණද ඇතුවයි. ඔහුට වයස් භේදයක් තිබුණේ නැහැ. ප්‍රයොජයක් ගත හැක්කේ කුමණ ස්ත්‍රියකගෙන්ද ඇයගෙන් ඒ‍ දේ ලබා ගත්තා.

සමහර ගැහැණුන් එවැනි දෙයකට සැදී පැහැදී සිටියත් සමහරු එහෙම උනේ නෑ. එවිට ඔහු ඔවුන්ට නොදැනෙන්නට ශරීරයේ කුමන හෝ ප්‍රදේශයක් ස්පර්ශ කලා. ඔහු සෑම විටම කුමණ හෝ ස්ත්‍රියකගේ ශරීර ස්පර්ශයක් බලාපොරොත්තුවෙනුයි සැදී පැහැදී සිටියේ.මේ වැඩ පිළිවෙල මේ විදිහට කෙරීගෙන යන අතර තුර ඒ සිදුවීම් ලෝකයාගෙන් සගවන්නටද බොහෝ වෑයමන් දරන්න ඔහුට සිදු උනා. ඔහු හොද සමාජශීලී, නිහතමානී, ගුණ ගරුක, ආගමට දහමට ලැදි මෙකී එකී නොකී සියළු දෑ වලින් තමන් සමන්විත වී ඇති බව ලොවට හැගෙව්වා.

මේ අතර ඔහුගේ ආයතනයට සේවිකාවක් ඔහු බදවා ගත්තා. ඇය එක්තරා ආකාරයක අමුතු සිතුම් පැතුම් ඇති ස්ත්‍රියක්. ඇය සේවිකාවක් ලෙස බදවා ගැනීමට පෙර සිටම කමල් ඇයව හොදින් දැන සිටියා. ඇයත් සමග ද ඔහුගේ සම්බන්ඳතාවයක් මීට ඉහත කාලෙයේ සිටම තිබූ බව සමහරු දැන සිටියා. එය දන්නෝ දනිති ඝණයේ රහසක්ද උනා.කමල් හා සේවිකාම අනෙකුන්ට හොරා රහස් සම්බන්ඳතාවය ගොඩ නැගුවා. අඩුම තරමේ කමල්ගේ බිරිඳටවත් මේ පිළිබඳව සැකයක් ඇති නොවන ආකාරයට. සේවිකාවද දැන සිටියා කමල්ට බිරිඳක් හා දරුවෙකු සිටිනා වග. නමුත් ඇයට එය එතරම් ප්‍රශ්ණයක් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැති තරම්.

මේ අතර කමල්ගේ බිරිඳ නැවත ගැබ්බර වෙනවා. ඒත් සමගම කමල් රැකියා ස්ථානයේ කටයුතු වලට වඩා නිවසේ කටයුතු පිළිබදව වෙහෙසෙනවා. සේවා ස්ථානයේ සේවිකාවටද මේ අතර විවිද වූ තොර තුරු ආරංචි‍ වෙනවා. කමල්ගේ ස්ත්‍රී ලෝලීත්වය තමන්ට පමණක් සීමා වූවක් නොව බොහෝ ස්ත්‍රීන්ටද එය එසේම බව ඇයට තේරුම් යනවා. ඒත් සමඟම කමල් පිළිබඳව දැඩි වෛරයක් දිනෙන් දිනම ඇගේ සිතෙහි හට ගැණුනේ නිරායාසයෙන්.

එක් දිනක් ඒ වෛරය පිටා‍ර ගලා කමල් සමඟ යම් ආරවුලක් ඇති  වීමත් සමඟ සේවිකාව එම රැකියා ස්ථානය හැර යනවා.ඒ අවස්ථාව වන විට සේවිකාව කුමන තත්ත්වයක සිටියාදැයි අප නොදනිමු. හිටි අඩියේ මෙම සේවිකාව ඉවත්ව යාම කමල්ගේ බිරිඳට යම් සැකයක් ඇති වීමට තරම් හේතුවක් උනා. ඇය ඒ පිළිබඳව විපරමෙන් සිටින අතර ඇගේ හිතවතියක් යම් තොරතුරු ප්‍රමාණයක් ඇයට ලබා දෙනවා. ඒ ඇගේ ජීවිතය උඩු යටිකුරු කල ප්‍රවෘත්තියක් උනා.

වසර 18 පමණ කාලයක සිට තමාත් සමඟ ආදරෙයන් වෙලී සිටි තමාගේ ආදරවන්තයා, ස්වාමියා ඉහත කී සේවිකාව සමඟ අයතා සම්බන්ඳයක් ඇති බව ඇය සිහිනෙකුදු බලාපොරොත්තු නොවූ දෙයක්. රළු චරිතයක් නෙවූ ඇයට මෙම සිදුවීම දරා ගනීමට නොහැකි තත්ත්වයක් උනා. ඇය අර ‍සේවිකාවට දුරකථන ඇමතුමක් ගෙන ඒ පිළිබඳව විමසා සිටිනවා. සේවිකාව කමල්ගේ චරිතයේ බිරිඳ නොදන්නා සියළු තතු ඇය හට පවසනවා. තමාගේ ආදරණීය ස්වාමියාට දාව මෙලොව එලිය දකින්නට යන දෙමස් වයසැති ප්‍රාණියා ඇයව හැර යන තරම් ප්‍රබල කම්පණයක් බවට එය පත් වෙනවා.

එම සිදුවීම් පෙල එතැනින් නිමා වූවා යැයි අප සිතමු. මෙහි ඇති සාධාරණ අසාධාරණ බව හෝ වෙනයම් බවක් විමසා බැලීම ඔබහට බාර කරන්නේ මෙම ලිපියේ ලිවීමේ අරමුන එය නොව බැවැණි. අප ජීවත් වන මෙම විශම සමාජය තුල මෙය එක් සිදුවීමක් පමණි. මෙම විශම සමාජය තුළ අපගේ තැන නිවැරදි දැකීමෙන්, නිවැරදි ණුවනින් හා නිවැරදි ක්‍රියාවෙන් සමාජයට වැඩ දායී යහපත් පුද්ගලයින් මිසක සමාජයට පිලලයන් නොවීමට වග බලා ගැනීමට කාලය එළඹී බොහෝ කල්ය. නමුත් එය එසේ සිදු නොවුනද අනුන් හදනවාට වඩා තමා සම්මතයේ පිහිටා කටයුතු කිරීමට වග බලා ගත යුතු කාලය දැන් එලබී ඇති බව තරයේ සිහියේ තබා ගත යුතුය.


නම් ගම් මඃකල්පිතය.

October 13, 2011

සමාජය මම හා කොන්ඩය.

මම කොන්ඩය කැපුවා. අවුරුද්දකට ආසන්න කායලක් වවාගෙන හිටිය කොන්ඩය කැපුවා. කැපුවා කියනවට වඩා කපන්න උනා. මගේ කොන්ඩය කපන තැනට වැඩේ සිද්ද උනා.

මට කොන්ඩේ වවන්න හිතුණු කාලේ හරියට මතක නැතත් මට සෑහෙන කාලෙක ඉදලා කොන්ඩේ වවන්න උවමනවක් තිබුණා. ඒක් එක්කම රැවුල. සා / පෙ කරන කාලේ  ඒ ආසාව තිබුණට ඒක කරන්න බැරිව ගියා. උ / පෙ ඉවර වෙනකොට මගේ තරමක් දිග කොන්ඩයක් තිබුණා. මම ඒ කාලේ කොන්ඩෙට තරම් වෙන කිසිම දේකට ආදරේ ‍කලේ නෑ. හොදට නෑවා. කොන්ඩේ පීරුවා. ඒ වැව්ව පාර  අවුරුදු දෙකයි මාස හයයි වගේ කාලයක් වවාගෙන හිටියා.

ඒකාලේ මම හොදටම රස්තියාදු ගැහුවා. හන්දි ගානේ යාළුවොත් එක්ක වරු ගනන් කාලේ කා දැම්මා. හන්දියේ වගේම ටවුමෙත්. මාත් එක්කම කොන්ඩේ වවන්න කීප දෙනෙක් පටන් ගත්තත් අන්තිමට ඉතිරි උනේ මම. කොන්ඩෙත් එක්ක මගේ ජීවිතේ යම් වෙනසක් ඇති උනා. හැබැයි මම කොන්ඩේ වැව්වේ විලාසිතාවක් සදහා නෙවෙයි. සම‍හරෙකුට ඒක විලාසිතාවක් උනත් මට එහෙම උනේ නෑ. මම කොන්ඩේ වැව්වේ බොහෝ දුරට මගේ හිතට යම් කිසි තෘප්තියක් ලබා දෙන්න කීවොත් නැවැරදී. ඒක ලැබෙන්නේ මොන විදිහකින්ද කියලා දන්නේ නැතත් මගේ කොන්ඩය හෝ වැවැනු රැවුල පේන‍ කොට මට ඒ දේ ලැබුණා.

මගේ කොන්ඩයට හා රුවුල‍ට විවිද ප්‍රතිචාර ලැබුණා. මගේ යාළුවෝ කවදාවත් මගේ කොන්ඩට බැන්නේ නෑ. වැරැද්දක් කීවෙත් නෑ. නමුත් වැරදි කියපු අය  බොහෝ හිටියා. සමහරු මූනටම කීවාත සමහරු හැන්ගි‍ හොරා කීවා. ඕකා ගංජා කාරයා. කුඩු කාරයා. රස්තියාදු කාරයා. (ගංජා හා කුඩු කොන්ඩය හෝ රුවුල සමග මොන විදිහේ සම්බන්දයක් තියේ දැයි අදටත් ම‍ට හිතා ගන්න අමාරු කාරණයක්.) ඔය වගේ විවිද දේවල්. ඒවා එකින් එක ගෙදරට පවා එන්න පටන් ගත්තා. ගෙදර අයගෙත් ඒ හැටි කැමැත්තක් තිබුණේ නෑ මගේ කොන්ඩෙට. නමුත් මම දිගටම වැව්වා.

අවුරුදු දෙකයි මාස හයකයට විතර පස්සේ නීතිය හා සාමය සුරකින තැනකින් මට කීවා කොන්ඩෙ කපාපං කියලා. මම කොන්ඩෙයි රැවුලයි වවලා නීතියට හා සාමයට පිටින් ගියද කියලාත් තාමත් මට හිතාගන්න බැරි කාරනයක්. නමුත් මට ඒ දේවල් ඉස්සරහා නැගී සිටින්න තරම් සක්තියක් තිබුණේ නෑ. 

මම කොන්ඩේ කැපුවා. යාළුවෝ අපරාදේ කීවා. අනිත් හැමෝම හොදයි කීවා. ඔය කාලේ වෙන කොට මම බෙහෝ මත් ද්‍රව්ය පාවිච්චි කරපු කෙනෙක් කුඩු හැර. මට ජීවිතේ කිසිම අරමුනක් නොතිබුණු කාලයක් ඒ කාලය. නමුත් කොන්ඩේ වවාගෙන රැවුල වවාගෙන ඉන්නකොට කුඩු කාරයා ගංජා කාරයා කියපු බොහෝ දෙනා මට හොද කියන්න ගත්තා. ඒ කියන්නේ මම මේවා පාවිච්චි කලා හෝ නොකලා කොන්ඩේ වවාගෙන ඉද්දී මගේ ස්වරෑපය ඒ වගේ වෙන්න ඇති. නමුත් මම කොන්ඩේ කැපුවාට පස්සේ මම ඒවා පාවිච්චි ක‍ලා හෝ නොකලා මම හොද එකෙක්. 

මීට ටික කාලෙකට පස්සේ ම‍ගේ ආදරවන්තිය මට ලැබීමත් එක්ක මේ මත් ද්‍රව්‍ය වලින් මම ටිකෙන් ‍ටික අයින් වෙන්න ගත්තා. වර්තමානය වන විට මම සෑහෙන දේවල් ගොඩක් අත ඇරපු මනුස්සයෙක් වෙලා. ඒකට හේතුව උනේ මගේ මේ ක්‍රියාවන් නිසා හැමෝම දන්න පරිදි බුල්ටිට අපහසුතාවයකට ලක් වෙනවට මගේ කිසිම කැමත්තක් නැති කම. ‍මේ දේවළුත් එක්කම හන්දියේ රස්තියාදු ගහන එක නිකරුනේ තැන්තැන්වල කල්ලි ගැහෙන එක හා නිතර නිතර යහළුවන් මුන ගැසීම අඩු කලා. දැන් ගමේ මිනිස්සු මට හොද කියන්න ගත්තා. සමහරු කීවා මූ නම් අමුතුම පොරක් කියලා. මම හැමෝම එක්ක සුහදව හිටියා.

ගිය අවුරුද්දේ නොවැම්බර් හෝ දෙසැම්බර් වල මම ආයෙත් හිතුවා කොන්ඩේ වවන්න. මොකද මේ වෙන කොට මම කාටත් හොද ළමයෙක් උනා. මම හිතුවා මිනිස්සු ඇත්ත දකී කියලා. මම කොන්ඩේ හා රුවුල නැවත වැව්වා.

සියල්ල වැරදී. මගේ කොන්ඩය හා රුවුල වැවීමත් එක්කම නැවතත් අර පරණ හංවඩු ගැසීම පටන් ගත්තා. බුල්ටීගේ නිවසට පවා විවිදා කාර වූ දේ ආරංචි උනා. මට කුඩු කාරයා කියන්න ගත්තා. ගංජාකාරයා කියන්න ගත්තා.මම දන්නවා උන්ගේ ඇස් වලට ජීවිතේට කුඩු ගංජා නොදැකපු උන්. ඒ සමහරක් දන්නේ නෑ උන්ගේ පුත්තු මොනවද ගහන්නේ කියලා. නිවාඩු දවසට ජැන්ඩියට ඇදගෙන යන්නේ 1000 2000 පැයකට හමාරකට  ගන්න පුළුවන් ගෑණියෙක් හොයාගෙන කියලා. තමුන්ගේ පුතා එක්ක බඩදරු අම්මෙක්වත් තනියම තියන්න බැහැ කියලා උන් දන්නේ නෑ. මොකද උන්ගේ දරුවෝ කොන්ඩේ වවන්නේ නෑ. මම මත්ද්‍රව්‍ය පාවිච්චි කලා. නමුත් අද වෙනකං කිසිම කෙනෙකුට කරදරයක් කරලා නෑ. මම ඒවයින් අයින් උනා. කොන්ඩේ වැවීමත් එක්ක නොකෙරුවත් කෙරුවා වගේ උනා.

හැබැයි මම එක දෙයක් දන්නවා. මම‍‍ හොද සල්ලි කාරයෙක් උණා නම් මට මේ දේවල් අහන්න වෙන්නේ නෑ කොන්ඩේ වැව්වා හෝ කැපුවා කියලා. මම හොද වාහනේක ඇවිල්ලා කොන්ඩේ වවාගෙන නෙමේ හෙළුවෙන් බැස්සත් මුන් මට වචනයක් කියන්නේ නෑ. මට ඕනා උනා කොන්ඩෙන් හෝ රැවුලෙන් ඇදුමෙන් මිනිස්සු මයින්න බැරි බව පෙන්නන්න. මට සමාජ ක්‍රමය වෙනස් කරන්නඕන උනේ නෑ. මම සමාජ ක්‍රමයට පිටින් ගියෙත් නෑ. ඒත් මට කියන්න දේවල් තිබුණා. නමුත් සියල්ල සිදුවන්නේ නොහිතන විදියට.

මම කොන්ඩෙයි රැවුලයි දෙකම කැපුවා. එක දවසට දකින දකින කෙනා හොද කීවා. නමුත් මම කොන්ඩෙයි රැවුලයි කැපුවේ නෑ. මගේ කොන්ඩෙයි රැවුලයි කැප්පුවා.




October 12, 2011

දෙවනි කොල්ලත් ගොඩ දැම්මා.


එක පාරක් වගේ මගේ තවත් යාළුවෙක් මගෙන් උපදේශයක් ගන්න මේ ළගදි දවසක අපේ ගෙදර ආවා. කලින් ආපු යාළුවා මගෙන් උපදෙස් අරන් ගොඩ ගිය හැටි මතක ඇතිනේ. අමතක නම් මෙන්න මෙතෙන්ට ගිහින් ඒකත් බලලා එන්න.

මම ඉතිං නිවාඩු බදාදා දවස් වල නිසා එදා‍ට ටිකක් දවල් වෙනකං නිදා ගන්නවා. ඊට පස්සේ තමා නැගිටලා වැඩ පටන් ගන්නේ. මේ වගේ නිවාඩු දවසක මගේ යාළුවෙක් උදේම ආවා අපේ ගෙදර. එතකොට මම නිදි. කෝම හරි මේ ගොයියා මාව ඇහැරෙව්වා. යකෝ නිවාඩු දවසටවත් මුන් නිදා ගන්න දෙන්නේ නැති හැටි. මම පොරට හිතින් බැන බැන ගිහින් ‍දොර ඇරියා.

අනේ මචං උබ නිදාගෙනද හිටියේ.

අනේ නෑ බං. පත්තරයක් බල බල හිටියේ.

උබට මම කරදර කරා නේද ?.

නෑ නෑ කියපං. මොකද්ද කේස් එක.

මම හෙන අවුලෙන් බං මේ දවස්වල ඉන්නේ. උබ දන්නවනේ මම දවසකට සිගරට් 5ක් 6ක් බොනවා කියලා. සමහර දවස් වලට ඊටත් වඩා වැඩී. අන්තිමට අතේ සල්ලිත් නෑ. කරපු දේකුත් නෑ. කියපංකෝ බං මොකක් හරි කරන්න.

යකෝ ඉතිං ඕකට මගෙන් මොනවා අහන්නද ? සිගරට් බොන එක නවත්තපංකෝ.

එහෙම කියන්න එපා බං. පුළුවන්නම් මම උබෙන් අහනවෑ.

හරි හරි. මෙහෙම කරපං. උබ එක පාරටම ඕක නවත් වන්න යන්නත් එපා. ඒක හරි යන්නේ නෑ. උබ දවසකට සිගරට් 5 බොනවා නම් ටික ටික අඩු කරපං. ටික දවසකින් 4 ‍බීපං. ඊට පස්සේ 3 ක්. ඒ විදිහට හිමින් හිමින් ඇගට පතට නොදැනෙන විදිහට අඩු කරපං. දැන් බලපං. උබ නිකං ඉන්න වෙලාවට සිගරට් බොන එකෙන් වැඩක් නෑනේ. නිකං ඉහලට ඇද්දා දුම පිට කරා විතරයි. උබේ පපුවේ දැන් පාරකට දාන්න තරම් තාර පිරිලා ඇති. ඒ හින්දා උබ පොඩ්ඩක් පිරිමියෙක් වගේ තීරණයක් අර ගනින්. මම මේක නවත්තනවා කියලා හිතාගෙන වැඩේ කරපං. අනික බලපං මොකට බං ඔය චූටි ආතල් එකකට ඔච්චර සල්ලි වියදං කරන්නේ. අනික චූටි හරි ආතල් එකක් තියේද ?. ඒක හින්දා මම මේවා කීවට උබ තමා කරන්න ඕනා. උබම පොඩ්ඩක් කල්පනා කරලා බලපං.

දැන් මූ කල්පනා කොරන්න ගත්තා. 

හරි මචං මම ගිහින් එන්නම්. අනේ මචං සොරි බං උබට කරදරයක් එහෙම උනානම්.

නෑ නෑ පිස්සුද බං. ගිහින් වරෙන්.

මිනිහා ගියාට පස්සේ මමත් නැගිටල ගෙදර තියෙන වැඩ ටික කරන්න පටන් ගත්තා. එහෙම්මම දවසත් ගෙවිලා ගියා. පහුවදා ඉදලා මම ආයේ වැඩ. ඉතිං මටත් මේ සිද්දිය එහෙම්මම අමතක වෙලා ගියා.

මෙන්න ඊගාව සතියේ නිවාඩු දවසෙත් මිනිහා ආවා. ආපු ගමන් ආගිය විස්තර එහෙම කථා කරලා ඉවර වෙලා  මම ඇහුවා දැන් සිගරට් කීයක් දවසකට බොනවාද කියලා.

නෑ බං. මම සිගරට් බොන එක නැවැත්තුවා.

සංතෝසයි බං සංතෝසයි. ඇති යන්තං උබට මොලේ පෑදුනා. ඔය කෙහෙල්මල බීලා අපරාදේ සල්ලි නාස්ති කර ගන්න එපා.

ඔව් බං. මොකටද චූටි ආතල් එකකට රැපියල් 20 ක් උනත් වියදම් කරන්නේ. මම තව කීයක් හරි දාලා ජොයින්ට් එකක්ම ගහනවා .....................

October 1, 2011

බුලත් විටේටත් ගිය කලක්.


මම සෑහෙන කාලෙක ඉදලා බො‍හොම ආසාවෙන් කන කෑමක් තමයි බුලත්විට. බඩ පිරෙන්න නම් නෙමේ . හිත පිරෙන්න තමයි බුලත් විටක් කන්නේ. ඉස්සර නම් පුළුවන් හැම වෙලාවකම මම බුලත් විටක් කෑවා. නමුත් දැන් රස්සාවක් කරන්න පටන් ගත්ත දවසේ ඉදලා ඒ පුරුද්ද ටික ටික අඩු උනා. මොකද මම නිතරම ගෙදර නැති හින්දයි. නමුත් නිවාඩු දවසට නම් මම අනිවාර්යෙන් බුලත් විටක් කනවා.

ඉස්සෙල්ලාම බුලත් විටක් කාපු දවස මට මතක නැති උනත් මුලින්ම බුලත්විට කාලා වෙච්ච දේ නම් මට අමතක වෙන්නේ නැහැ. මම යන්තම් වගේ මතක විදිහට මල ගෙදරකදි තමයි මේ සිද්දිය උනේ. මහ ලොකුවට බුලත්විට කන්න ගත්තට කලමනා ටික හරියට හදා ගන්න දැනගෙ උනේ නෑ. බුලත් ‍කොලේ පුරාම හුණු ගාලා පුවක් බෑවකුයි දුන්කොලයි දාලා තමා කෑවේ. වැඩි වෙලා කන්න හම්බ උනේ නෑ. දාඩිය දාලා වෙවුලන්න වගේ ගත්තා. එතකොටයි මම දන්නේ බුලත්විට කාපුවාම මත් වෙනවා කියලා. අන්තිමටක කටත් හෝදලා විටේ අහකට දැම්මා. කට ගන්ඩ දෙයක් නෑ හොදටම හම ගිහින් හුණු වැඩි වෙලා. ඉන් මනත නම් විටක් කද්දී කවදාවත් ආයේ දුංකොල පාවිච්චි කලේ නෑ මම.

එහෙම පටන් ගත්ත විට කෑම යාළුවොත් එක්ක මළ ගෙවල් වල දානේ ගෙවල් වල එහෙම ගියාම හොදටම කන්න පටන් ගත්තා. කොහොමත් මළ ගෙවල් දානෙ ගෙවල් වල අනිවාර්යයෙන් විට වටිය තියෙනවා. සමහර පලාත් වල ඒකෙම බීඩි මිටි දෙක තුනකුත් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් පොදුවේ බුලත් වට්ටියට අංගු වෙන්නේ බුලත්, පුවක්, හුණු, දුංකල. විටේ තවත් ටිකක් රසවත් වෙන්න නම් තව ජාති එකතු කරන්න පුළුවන්. කරදමුංගු, කරාඹුනැටි, ඉඟුරුපියලි, වසාවාසි වගේ දේවල් එකතු උනොත් නම් තවත් රසට කන්න පුළුවන්.

විටක් කන්න උනත් ඔය ජාති ටික විතරක් තිබුණාම මදි. ඒක හරියට ඒද ගන්නත් දැන ගන්න ඕනා. හුණු වැඩි උනොත් කට හම යනවා. බුලත් වැඩි උනොත් හරි පදම එන්නේ නෑ. ඒවගේම පුවකුත් හරි ගානට තියෙන්න ඕනා. තව දුංකලත් එකතු කර ගන්නවා නම් ඒවාත් ගානට ඕනා. ඔය කියන ගාන දන්නේ ඉතිං කන කෙනාම තමා. මම නම් දුංකොල කන්නේ නෑ. 

බුලත් විටක් කෑමේදී තියෙන පුවක් ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනා. සමහර පුවක් කාපුවාම හොදටම මත් වෙනවා. පුවක් ගෙඩිය දිහා බලලානම් ඒක කියන්න බැහැ. කාලම තමා ඒකත් බලන්න වෙන්නේ :D :D :D

ඉස්සර නම් ගෙදරක සමාන්‍යයෙන් බුත් වැලක් දෙකක් තිබුණා. ගෙදරට අමුත්තෙක් එහෙම ආවාම බුලත් විටකින් සංග්‍රහ කිරීම සිරිතක් වෙලා තිබුණා. වත්ත පල්ලෙහාට වෙන්න පුවක් ගස් දෙක තුනකුත් තිබුණා. කඩෙන් දුංකොලත් ‍එක්කම හුණු පැකට් එකකුත් ගෙනත් තිබුණා. නමුත් කාලයාගේ ඇවෑමෙන් බුලත් විට මිනිස්සුන්ගේ ජීවිත වලින් අයින් වීමත් එක්ක අර ගෙදර තිබුණු බුලත් වැලත් නිකම්ම අයින් වෙලා ගියා. අද බොහෝ දුරට ගෙදරක බුලත් වගාවක් තියේනම් ඒ විකිණිම සදහා සාදාගත් ඒවා. 

දැන් නම් විට කන ගොඩක් දෙනා කරන්නේ කඩෙන් රුපියල් 10ට 15ට 20ට තියෙන විටක් ගෙදර අරන් ගිහින් කන එක. අපේ ගෙදරත් බුලත් වැලක් තිබුණට මමත බොහෝ දුරට කරන්නේ කඩෙන් රු: 10 දීලා විටක් අරන් ගිහින් කන එක. ගොඩක් වෙලාවට මම කරන්නේ මගේ නිවාඩු දවසට කලින් දවසේ ගෙදර යන ගමන් විටක් අරන් ගිහින් පහුවදාට කන එක. එතකොට ආයේ අමුතුවෙන් විටක් ගේන්න කඩේට යන්න ඕනේ නෑනේ. නිවාඩු දව‍සේ ගෙදරටම වෙලා හිටියෑකිනේ.

මම ඉතිං වෙනදා වගේ මේ සතියේ නිවාඩුවට කලින් දවසෙත් විටක් අරගෙන ගෙදර ගියා. දැන් 10ට තිබ්බ ‍විටේ 15 වෙලා. සමහරක් තැන් වල 20යි. ඉතිං කෝම හරි මම විටක් ගන්න ගිය තැන විටේ ගාන 10යි. මම ඉතිං විටකුත් අරන් ගෙදර ගියා. දැන් මම රෑට කෑම එහෙම කාලා බස් එකක් එහෙම පැදගෙන ඉන්නවා. විටත් පැත්තකින් තියෙනවා. පහුවදාට කන්න කියලා හිතාගෙන ගෙනාවට මොකද කන්නමයි හිතෙන්නේ. එතකොට පහුවදාට මදි උනොත් ආයේ කඩේට යන්න ඕනා විටක් ගන්න. ඔන්න‍ඔහෙ ඕන දෙයක් වෙච්චාවේ කියලා මම විටේ දිග ඇරියා කන්න කියලා හිතාගෙන.

අනේ විටේට ගිය කලක්. ඉස්සරනම් බුලත් කොල පහ හයක්ම තිබුණු විටේ දැන් තියෙන්නේ බුලත් කොල 2යි. පුවක් කෑලි තුනයි හුනු ජුන්ඩයි දුංකොල පටි දෙකයි. (දුන්කොල මම කන්නේ නැති හින්දා ඒක විසික් කරනවා).ඒ කියන්නේ දෙපාරක් කාපුවාම විටේ ඉවරයි. 

අන්තිමට උනේ පහුවදාත් ටවුමට ඇවිල්ලා විටක් අරන් යන්න වෙච්ච එක. :D :D :D 

August 23, 2011

ජීවිතය කෙටියෙන්.

මම දැන ගෙන උන්නා කවදා හරි දවසක මේ දේ වෙන බව. ඒත් මම හිතුවේ නෑ මේ දේවල් ඒ විදිහටම වෙයි කියලා. නමුත් වෙන්ඩ තියෙන දේ උනා. මට කරන්න දෙයක් ඉතුරු නොකරම සමහර දේවල් ඉවරම උනා.

මට වැරදුනා. සමහර තැන් හොදටම වැරදුනා. විසදුම් හෙව්වා. සමහර ඒවට විසදුම් තිබුනා. නොතිබුණු ඒ වට බලෙන්ම විසදුම් දුන්නා. හැප්පුනා. තැළුනා. ඒත් වැරැද්ද හදන්න ඕනා. අතීතෙට යන්න බැරි උනා. ඒත් සමහර දේවල් හැදුවා.

සමහරු උදව් කලා. තවත් සමහරු ඔහේ බලාගෙන හිටියා. ඇතමෙක් වැට බැන්දා. හිත රිදුනා. හිත් රිදුනා. ඒත් දිගටම ගියා.

විසදුම් තිබුණා. තිබුණු විසදුම්ද වැරදුනා.

අත්හදා බැළුවා. නිරීක්ෂණය කලා. නිගමන වලට ආවා. ඒ තුළින් අළුත් විසදුම් සෙව්වා.

හෙව්ව විසදුම් ක්‍රියාවට නැගුවා. මම හිතුවා හරි ගියා කියලා.

එකක් හරි ගියා. දහයක් වැරදුනා.

එකක් ඉගෙන ගත්තා.

මෙතන ඉදන් හරියට යනවා.

July 24, 2011

අවුරුද්දකට පසුව.

ඔන්න ඉතිං මගේ බ්ලොගේ පටන් අරගෙන අවුරුද්දක් සම්පූර්ණ උනා. ඒ අවුරුද්ද ඇතුලත මේ ලියන්නේ 50 වෙනි පෝස්ට් එක. නමුත් අද නෙමේ ඒ දිනේ යෙදිලා තිබුනේ. මීට සතියකට කලියෙන්. ඒකියන්නේ ගිය 18 වෙනි සදුදාට. මම ඉතිං ඇගිලි ගැන ගැන හිටියේ මේ දිනේ එනකං. බ්ලොගයක් පටන් අරගෙන අවුරුද්දක් ඇතිලත 50 වෙනි පෝස්ට් එක ලියනවා කියන්නේ මටනම් ඇත්තටම ලොකු දෙයක්. මොකද මම එච්චර ලියන්න දක්ෂ කෙනෙක් නොවෙන නිසා.

නමුත් ........................

මට ගිය 18 වෙනිදා ඒ සතුට ඒ ආකාරයෙන් බුක්ති විදින්න ලැබුනේ නෑ. මට ඒ 50 වෙනි පොස්ට් එක හරියටම අවුරුද්ද දවසේ ලියන්න පුළුවන් උනේ නෑ. එදා වෙන කොට අපි කවුරුවත් නොහිතපු දෙයක් සිද්ද උනා.

මේ 16 වෙනි සෙනසුරාදා රෑ මගේ ජංගමයට ලැබුණු දුරකථන පණිවිඩයෙකින් කිය වුණු දේ...

මචං ධනුෂ්කට ඩෙංගු උණ හැදිලා. දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ. සැරින් සැරේ හුස්ම ගන්න එක නතර වෙනවළු.

ඒක ඇහෙද්දිම මගෙත් හුස්ම නතර උනා වගේ. මට කරන්න කියන්න කිසි දෙයක් හිතා ගන්න බැරිව ගියා. මට මේ වෙලාවේ කියන්න කියලා හිටියේ අම්මයි තාත්තයි විතරයි. මම ඒදෙන්නට කීවා.

බය වෙන්න එපා පුතා ඒ ළමයට මුකුත් කරදරයක් වෙන එකක් නෑ. දැන් බේත් එහෙම දෙනවා ඇතිනේ ඉස්පිරිතාලෙන්. ඔයා ගිහින් නිදා ගන්නකෝ.

මම ආයෙත් ඇදට ආවා. මට කීයට නින්ද ගියාද කියලා දන්නේ නෑ. 17 වෙනිදා පාන්දර නැවතත් මගේ ජංගමේ නාද උනා.

මචං ධනුෂ්ක නැති වෙලා.

කොහොමද විශ්වාස කරන්නේ එහෙම දෙයක් උනා කියලා. කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා.

එදා 18 වෙනිදා මගේ ‍බ්ලොගේට අවුරුද්දක් පිරෙන දවසේ අපිත් එක්ක එකට වැලි කූඩේ කරගහලා දුක සැප බෙදාගෙන හිටිය අපේ මිතුරා අපේ කර මතින් අවසන් ගමන් ගියා.

මචං ධනුශ්ක. හිතට හරිම වේදනයි මචං. ඒත් කරන්න දෙයක් නෑ. අපි හැමෝටම ඔය ගමන යන්න වෙනවා. උනේ උබ අපිට කලින් ගිය එක. උබ අපිට කොයිතරම් හොද මිතුරෙක් උනාද කියලා කියන්න වචං නෑ මචං. තාමත් උබේ කටහඩ ඇහෙනවා බං.

උබට ආයේ අපි අතරම නැවත ඉපදෙන්න කියලා මේ සසරේ බැද තබා ගන්න තරම් අපිට ආත්මාර්ත කාමී වෙන්න බෑ මචං. මතු නිවන් දකිනා තුරා මෙවන් අකල් මරණයන්ට ගොදුරු නෙවේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථානා කරනවා ඇරෙන්න වෙන අපිට කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ බං.

මචං ධනුෂ්ක. උබට නිවන් සුව ලැබේවා.

මාව මේ බේලොග් කලාවට කැන්දන් ආපු ගයාන් කණිශ්ක සොයුරාට හා මෙතෙක් ආ ගමන් මගේ මට නන් අයුරින් උදව් උපකාර කල දියළු දෙනාට මගේ හද පිරි ප්‍රනාමය සමග සුතුතිය පුද කරනවා.

July 5, 2011

වෙනස

මීට ටික දවසකට කලියෙන් මගේ බෝම හිතවත් යාළුවෙක් ආවා අපේ ගෙදර. මිනිහා හරි හිත හොද එකා. මොනදේ උනත් ඒ හැම‍දේම මිනිහා මගෙත් එක්ක කියනවා. මෙදා පොටේ මිනියගේ මූනත් අමුතු වෙලා. මොකක් හරි පුරස්ණයක් වගේ. මාත් ඉතින් මිනිහා කියන්න කලියෙන් ඇහුවා "මො‍කෝ බං" කියලා.

"මම ආවේ උබෙන් උපදේශයක් ගන්න."

කියාගෙනම පුටුවකත් වාඩි උනා. ඊට පස්සේ මූනට බොහොම බැරෑරුම් ස්වරූපයක් අරගෙන

"මචං. ඒකාකාරී ජීවිතයකට වෙනසක් දැනෙන්න කරන්න දෙයක් කිපංකෝ ‍කියලා කියපි."

දැන් ඉතිං දීපංකෝ උත්තර. යාළුවෙක් අමාරුවේ වැටිලා ඉන්න වෙලාවක උදව්වක් කලේ නැත්නම් ඇති වැඩකුත් නෑ. අනික මගේ තියෙන පාන්ඩිත්වය පෙන්වන්නත් මේ වගේ වෙලා‍වක් ආයේ එන්නෙත් නෑ. මම මූණට බොහොම බැරෑරුම් බවක් අරගෙන
 
"මචං. ජීවිතේ වෙනසක් ඇති කර ගන්නනම් උබ මෙතුවක් ආපු රටාවෙන් මිදියන්. එතකොට හරි."

"ඒ කිව්වේ."

"මෙහෙමනේ බං. දැන් බලපං උදාහරණයක් විදිහට උබ උදේ වැඩට යනවා හැන්දෑමට ගෙදර එනවා. ඇවිල්ලා නෑවා කෑවා නිදා ගත්තා. ඉතිං ඔය අතරට මොකක් හරි දෙයක් එකතු කර ගෙන බලපං.වැඩිය ඕනේ නෑ. බළල් පැටියෙක් ගෙදර ඇති කරපං.ඊට පස්සේ උබ ඌ ගැන හිතතනවා. ඌට කන්න බොන්න දෙනවා, හුරතල් කරනවා. එතකොට උබ මොනයම් හෝ වෙනසකට භාජනය වෙනවා."

"දැන් බලපං මම. කාලෙකට කොන්ඩේ වවනවා. ඊට පස්සේ කපලා ආයේ වවනවා. ඒකත් යම් කිසි වෙනස් කිරීමක්. දැන් බලපං උබ කලින් මාසේ එනකොට මම මේ නිදියන ඇද තිබුණේ මේ අතට නෙමේනේ. මම ඒක අනිත් පැත්තට හැරෙව්වා. ඒ‍කෙනුත් යම් කිසි වෙනක් උනා මචං."

"උබ‍ මේ මම ගැන පොරටෝක් දුන්නා කියලා හිතන්න එපා මචං. මම කීවේ උබටත් පෙනෙන්න තියෙන මම වෙනස් කරපු දේවල් ටිකක්. නැත් නම් හැමදාම එකම වගේනේ බං. උබත් ටිකක් කල්පනා කරලා වෙනසක් කරපං."

කිව්වා විතරයි මිනිහා බර කල්පනවාක. මෙහෙම පැයක් විතර කල්පනා කර කර ඉදලා "මම යනවා බං" කියලා යන්න ගියා.

මෙන්න බොලේ දවස් දෙක තුනකට පස්සේ අපේ ගෙදර එනවා නිකං කුරුල්ලා වගේ

"යමුද බං ටවුම පැත්තේ ආප්පයක් හරි කොත්තුවක් හරි කාලා මොනවා හරි බීලා එන්න. කියපි."

මම උඩ ගිහින් බිම වැටුනේ නැති ටික විතරයි. මෙච්චර සත්ව කරුණාවක් ආවේ කොහෙන්ද මේ යෝදයාට.
"මොකද බං උබට මේ එක පාරටම උනේ."

"උබ කියපු කථාව සහතික ඇත්ත බං."

"මොකද්ද ?."

"උබ උබේ ජීවිතේ ඒකාකාරී බවෙන් මිදෙන්න යම් යම් වෙනස් කම් ඇති කර ගත්තේ එක එක දේවල් එකතු කරගෙන හරි නැත්නම් තියෙන දෙයක් වෙනින් විදිහකට වෙනස් කරලා හරිනේ"

"ඉතිං."

"ඉතිං මම කල්පනා කලා ආයේ මොකටද අළුතින් දේවල් එකතු කර ගන්නේ ඈ ........... තියෙන දේවළුත් මොකට වෙනස් කරන්නේ කියලා බං.ඉතිං බං මම දෙයක් අයින් කරලා බළුවා. දැන් මගේ හිත පා‍ වෙනවා වගේ. උබ තමා මාව වෙනස් කලේ යමන් ටවුන් එක පැත්තේ."

"සංතෝසයි බං සංතෝසයි. මම හිතුවේ නෑ බං උබ ඔච්චර වෙනසක් ඇති කර ගනී කියලා."

දැන් අපි දෙන්නම ටවුමට යනවා. මිනිහා සින්දුවකුත් උරුහම් බබා යනවා. ඒත් මට දැන් ‍ලොකු පුරස්නයක් හිතට ආවා මේ යෝදයා මොකද්ද මේ කලේ කියලා.

"ඇත්තට උබ මොකද්ද බං කොලේ."

"වෙන මොනවා කරන්නද බං. මම යාළුවෙලා හිටිය කෙල්ලව අත ඇරියා. බලපං මම දැන් කොච්චර නිදහස් කොල්ලක්ද .........."

June 29, 2011

රස්තා.

මම : හලෝ මල්ලියා කෝමද ? සෑහෙන කාලෙකින් දැක්කේ.

රස්තා : අලෝ ශාමින්ද අයියා. පිස්සු කොර ඈ.

මම : ඇයි මල්ලී මොකෝ කේස් එක.

රස්තා : නෑ නෑ අයියා ගොඩ කාලෙකින් දැක්කේ නැති හින්දා. කෝමද ඉතිං. දැන් වැඩිය ඩිස්ප්ලේ වෙන්නේ නැත්තේ මොකෝ.

මම : ඒක මිසක්කා. වැඩ මල්ලී මේ දවස් වල. මොකද මල්ලී මේ දවස් වල කරන්නේ.

රස්තා : මුකුත් නෑ අයියා. රස්තා තමා.

මම : රස්තියාදු ගහන්න එපා බං.

රස්තා : අයියට සෝට්ද ?. රස්තියාදු නෙමේ රස්තා රස්තා.

මම : මොකා. රස්තා. ඒ කවුද ?.

රස්තා : ඒ ......... දන්නේ නෑ වගේ අහන හැටි. අයියලා ඉස්තර රස්තා ගැහුවා. අපි දැන් රස්තා ඉස්සරහට අරගෙන යනවා.

මම : අපි ගැහුවේ මල්ලී රස්තියාදු නේ.

රස්තා : පිස්සුද අයියා. අයියා දන්නේ නැතිවාට ඒක තමා රස්තා ඉස්ටැයිල් එක. අයියාට තේරෙන්නේ නෑ.

මම : ආ ......... ඇත්තද ?. මොකද මලේ ඇස් දෙක බර වෙලා වගේ. නිදි මැරුවද ඊයේ.

රස්තා : අපේ කොල්ලෙක් ආවා ගෙදර අයියා. මිනිහා ගාව පොඩ්ඩක් තිබිලා ඔතලා ගැහුවා.

මම : ඒත් රස්තෙක්ද බං ආවේ.

රස්තා : අයේ මොනවා අහනවද අයියා. මිනිහා එල රස්තෙක්. එනිටයිම් හදේ.

මම : අම්මට සිරි. යකෝ උබේ අතේ තියෙන බෑන්ඩ් ගොඩ. ගෙදරින් බයින්නේ නැද්ද බං.

රස්තා : ‍ගෙදර ගානට මෙයින්ටෙයින් කර ගන්න ඕනා අයියා. මේ ....... අළුතෙන් ගහපු ටැටූ එක.

මම : යකෝ ග** කොලේම ගහල නේද අතේ.

රස්තා : ආයේ ‍මොනවද බොබා වගේ තමා. රොකම තමා.

මම : බොබා රොක දැම්මද බං.

රස්තා : ආයේ මොනවද. රස්තා ඉස්ටයිල් එක ගෙනාවේ බොබා‍‍නේ අයියා. අයියෝ අයියලා තාම දන්නේ නැද්ද ?. ඇයි රෙගේ ස්ටයිල් එක.

මම : අපි මොනවාද බං දැන් දන්නේ. අඩේ මේ ටී ශර්ට් එ‍කේ ඉන්‍‍නේ චේ ගුවේරා නේද ?.

රස්තා : චේ නම් තමා. හැබැයි ගුවේරා කියලා කෑල්ලක් තියේද දන්නේ නෑ.

මම : එතකොට මෙයත් රස්තා කෙනෙක්ද බං.

රස්තා : මම හිතන්නේ ඒම වෙන්න ‍ඕනා. කෝමද ඩයල් එක. අපි වගේම තමා.

මම : උබ ඇත්තටම දන්නේ නැද්ද බං චේ ගැන.

රස්තා : නෑ අයියා සිරාවටම දන්නේ නෑ. මම එකෙන්ම දන්නේ මිනිහා රස්තා පොරක් කියලා විතරයි.

June 20, 2011

දෙවසරක් සපිරුණු සොදුරුම දිණය.

පළමුවෙන්ම කියන්න ඕනා මගේ කලින් පෝස්ට් එකට ඒ කියන්නේ උපන්දින පෝස්ට් එකට සුභ පතපු සියළු දෙනාට බෝම් ස්තූති. ඒ පෝස්ට් එකෙන් පස්සේ අද වෙනකන්ම පෝස්ට් එකක් ලියන්න වෙලොවක් නොතිබුණා වගේම ජාලේ සැරි සරන්නත් වෙලාවක් මට වැඩිය ලැබුණේ නැති තරම්. කෝමනමුත් අද මට විශේෂ දවසක්.

අද මට විශේෂ දවසක් වෙන්නේ මගේ ආදරවන්තිය මට දෙවෙනි වතාවට ආදරය ප්‍රකාශ කරලා අදට අවුරුදු දෙකක් වෙන නිසයි.

කලින් පෝස්ට් එක බලපු අයටනම් ටිකක් පැටලලි සහිත ඇති. මෙන්න මෙහෙමයි කථාව.

මේ කථාව පටන් ගන්නේ උ / පෙ ලියන්න ඉස්කෝලෙට ගිය මුල් කාලේ ඉදලා. ඒ කාලේ තමා මගේ ප්‍රථම ආදරය ඇති උනේ. ඒ අපේ ඉස්කෝලෙට අළුතින් ආපු ගෑණු ළමයෙක්. ඇති උනාට වැඩි වේගෙන් ඒක කැඩිලා ගියා. කොයි දේ වෙන්නෙත් හොදටයි කියලා හිතාගෙන මාත් හිටියා.

අපේ පංතියේ තමා උ / පෙ පන්ති වලින් අඩු වෙන්ම ළමයි හිටිය පංතිය. වැඩිපුරම හිටියෙත් අළුතුන් ආපු අය. අපි ඉතිං පරණ කස්ටිය නිසා අපිට සෑහෙන මොකක් හරි එකක් තිබුනා. අපිත් ඉතිං අයියලා වගේ හිටියා.

ඔය අතරේ තමයි හැම උසස් පෙළ පංතියකින්ම විනෝද චාරිකාවක් යන්න අවසරේ විදුහල් පති තුමාගෙන් ලැබුණේ. අනිත් පංති වල ළමයි වැඩිය හිටි නිසා එයාලට යන්න උනේ ඉස්කෝලෙන් යන විදියට. අපි ඉතිං ටික දෙනා හින්දා නිවාඩු දවසක් යොදා ගෙන ගමන ගියා. පංති බාර ගුරු තුමා අතුළුව.

ගියේ ඉතිං අම්බුළුවාව ජෛව විවිදත්ව සංකීරණය ඇතුළුව ගඩලාදෙනිය ඇම්බැක්කේ වගේ තැන බලන්න.

ඉතිං මේ චාරිකාව ගිහින් එනකොට තමා මට මගේ සුදු මැණිකේ ඉස්සෙල්ලාම මම ඔයාට ආදරෙයි කව්වේ. ඒ මගේ උපන්දිනේ දවසේ.

ඉතිං එදා ඉදලා අපි ආ‍ද‍රෙන් උන්නා. එකට කෑවා බිව්වා. එකට පංති ගියා. එකට ඉස්කෝලේ වැඩ කලා. මාත් ඉතිං මොනවට මේවා හොරෙන් කරනවද කියලා හිතලා ‍ඕන දෙයක් වෙච්චාවේ කියලා ගෙදරට කීවා. කිව්වට පස්සේ තමයි හිතුනේ නොකියාම හිටියානම් හොදයි කියලා.

කෝම හරි අපේ අම්මා තාත්තා දෙන්නම තදින් විරුද්ධ උනා. මට කරන්න කිසිම දෙයක් තිබුණෙත් නෑ. අන්තිමට මම අම්මලාගේ පැත්ත ගත්තා.

එදා ඔය කොච්චර අඩන්න ඇද්ද ?. ඒත් ඔයා මට සමාව දුන්නා. මට ඔයාගේ මූන කෙලින් බලාගෙන එදා ඉදලා කථා කරන්න බැරිව ගියා. ඔය හම්බ උන හැම වෙලාවෙම මට ඒක තේරුනා. ඒත් ඉතිං මම මොනවා කරන්නද ?. 

එදයින් පස්සේ මට වැඩිය ඉස්කෝලේ යන්න හිතුනෙත් නෑ මම ගියෙත් නෑ.

කෝමනමුත් උ / පෙ විභාගෙන් පස්සේ මට තවත් එයාව දකින්න ලැබුණේ නැති තරම්. නමුත් මගේ හිතේ එයා‍ගේ මතකය නම් ඕනාවටත් වඩා තිබුණා.

ජීවිතයේ හැල හැප්පීම් රාෂියකට පස්සේ මට ආයෙත් දවසකදි මගේ සුදූ මට ආයෙත් ලැබුණා. ඒකනම් අදටත් හීනයක් වගේ. කෝමනමුත් මට ආයේ ජීවිතය ලැබුණා කියලා මට හිතුනේ හරියටම අද වගේ දවසක මීට අවුරුදු ‍දෙකකට කලියෙන්.

මෙතෙක් ආ ගමන් මග ගැන කියකවා නම් මේ තමා මගේ ජීවිත කාලෙම ගත කරපු සොදුරුම කාලය. ඒ දේ මට ලැබුණේ මගේම සුදු මට ආයෙත් ලැබුණු නිසා. මේ ලිපියත් හදිස්සියේ ලියන නිසා කථාව බෝම් කෙටියන් තමා ලියන්න සිද්ද උනේ.

මේ තමා අපේ ආදරණිය තුන් වෙනි අවුරුද්දේ ආරම්භය. ඒ වගේම මගේ සුදූට එදා වගේම අදත් මම පොරොන්දුවක් වෙනවා.

ඒ තමා අයේ කවදාවත් ඔයාව මගෙන් ඈත් කර ගන්නේ නෑ. 

මගෙ සුදු මැණිකෙට මම හැමදාමත් ආදරෙයි. 





June 3, 2011

අදයි මගේ උපන්දිනේ.

ඕන් ඉතිං දවසින් දවස ගෙවිලා කෝම හරි මම 24 වෙනි ‍විය සම්පූර්ණ කලා. ඒ කියන්නේ මම දෙන් අවුරුදු 24 ක කොළුගැටයෙක්. සන්තෝසේ බැරුවා.

මෙන්න මගෙන් ඉල්ලපු කේක් එක.

මම ඉපදුණු දවස වගේම මගේ ආදරවන්තී මට ඉස්සෙල්ලාම ආදරෙයි කියපු දවසත් අද තමයි. ඒ මීට අවුරුදු 8 කට කලින් අද වගේ දවසක. ඒ දවස ගැනත් මම ළගදිම කියන්නම්.


ඒ වගේම අපේම කියලා ගෙදරකට ආවෙත් අද වගේ දවසක. ඒ මීට අවුරුදු 4 ටක කලියෙන්. එදානම් පුදුම සහනයක් අපේ හිත් වලට දැනුනේ. තාමාත් ඒ දේ දැනෙනවා. 


බලාගෙන ගියාම ජීවිත් වැදගත්ම සිද්ධි ටික වෙලා තියෙන්නේ මගේ උපන්දිනේ දවසේ. ඒකත් පුදුම සිද්ධියක් තමයි.

May 28, 2011

ඉගෙන ගන්න කියලා තව කොච්චර දේවල් තියෙනවද ?.

සා/පෙ පාස් වෙලා උ/පෙට ඉස්කෝලේ යන්න පටන් ගත්ත දවසේ ඉදලා ජීවිතය ගැන මහා ලොකු අත්දැකීම් සම්බාරයක් ඇති පුද්ගලයෙක් වගේ කටයුතු කොලාට මොකද දැන් හිතෙනවා අපි තාම දන්නේ මොනවාද කියල. දුකේදි සැපේදි හැමෝටම පිහිට වෙලා හිටියට සමාජයත් එක්ක ගැටිලා අපිට ලැබුණු අත්දැකීම් බොහෝම අල්පයි.

මම මෙහෙම කියන්න හේතුව මට ලැබිච්ච අළුත් රැකියාවත් එක්ක මට බොහෝ පුද්ගලියන් ඇසුරු කරන්න ලැබැනා. විවිද අදහස් ඇති අය. එකම දේ පිළිබඳව විවිධ අදහස් තියෙන්නේ. එහෙම උනාම ඉතිං හරිම අමාරුයි දෙයක් තේරුම් කරලා දෙන්න.

මීට ටික දවසකට කලියෙන් මංගල ඡායාරූපයක් ගන්න දෙන්නෙක් ආවා. මගුල් දිනේට කලියෙන් ඇවිල්ලා ගනන් හිලව් පිළිබඳව පැහැදිලි විස්තරය ඒ දෙන්නට ලැබුනා අප වැඩ කරන ආයතනයේ ප්‍රධානියා විසින්. කෝම හරි වෙඩින් එක දවසේ දෙන්නා ආවා පින්තූර ගන්න.

සාමාන්‍යයෙන් අපි කරන්නේ ගන්න ෆොටෝ ඒ වෙලා වෙම ඒ අයට පෙන්නලා එයාලා කැමති ෆොටෝ තෝරලා ඒවායින් තමා අපි මුද්‍රණය කරලා දෙන්නේ. ‍මේ දෙන්නා‍ට ඕන උනේ කළු සුදු පින්තූරයයි වර්ණ පින්තූරයයි විතරයි. ඒ දෙකම රාමු කරලා.

මේ ගැන අපි මොන විස්තරයක් කීවත් මනමාලා මහත්තයා කියන්නේ කැමති විදිහකට කරන්න කියලා. ඉතින් අපේ ප්‍රධානියා බොහෝම අලංකාර විදිහට වැඩේ කෙරෙන හැටි ගැන කියලා දුන්නා ඒ දෙන්නාට. ඒත් මම නම් හිතන්නේ නෑ ඒ දෙන්නට ඒක තේරුනා කියලා. අපිත් එක්ක වැඩිපුරම කථා‍ කලෙත් ඒ ජෝඩුව නෙමේ මනමාල මහත්තයගේ යාළුවෙක් හෝ නෑදෑ වෙන කෙනෙක්. ඒයා තමා අන්තිමට තීරණය කරේ මේක මේ විදිහට කරමු කියලා. වෙඩිමේ අනිත් වැඩ කටයුතුත් අර යාළුවා වෙන්න ඇති බොහෝ දුරුට කරට අරගෙන කරන්න ඇත්තේ.

පහුගිය දිනක ඒ ගත්ත පින්තූර ටික අරන් යන්න ආවා. ඒත් ආවේ අර යාළුවත් එක්ක. යාළුවා තමා අන්තිමට පින්තූර වලට රාමු පවා තේරුවේ. කෝම හරි වැඩේ බෝම ලස්සනට කර ගෙන ගියා. ඒ වෙලාවෙදිත් අර මනමාල මහත්මයා කියන්නේ කැමති විදිහක් කොරන්න කියල.

දැන් ඒ මනුස්සායට ඒ දේවල් මම තේරුම් කොරන්න ගියානම් මම දන්නවා මිනිහා අපු මුල්ම දවසෙම යන්න යනවා.

මේකෙන් මම ඉගෙන ගත්ත පාඩම තමයි සමාජයේ ඉන්න විවිද පුද්ගලයෝ එක්ක කටයුත් කරද්දී අපි ඒ ඒ පුද්ගලයන්ට ආවේනික විදිහට කටයුත් කරන්න ඕනා. ඒකත් ඉතිං සමාජයත් එක්ක ගැටිලාම තමයි ඉගෙන ගන්න ඕනා. මම තාම ඒ දේවල් වලට බොහෝම ආගන්තුකයි යන හැගීම මට දැණුනා. නමුත් මේ ඉන්න විදිහට කාලායත් එක්කම මේ දේවල් ඉබේම වෙනස් වෙයි කියලයි මගේ හැගීම.

May 27, 2011

මා බාල කාලේ.

ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ මම පුංචි කාලේ ගත්ත පිංතූර ටිකක්. බලලා කියන්නකෝ හොදද කියලා.







මේ පළවෙනි උපන්දිනේ දවසේ.




මේ දෙවෙනි උපන්දිනේ දවසේ.



ඔන්න අකුරු කියෝපු දා.



කෝමද තාත්තයි පුතයි.




මේ ගැන ඔයාලම කියන්‍නකෝ.




අම්මයි තාත්තයි මායි.




මේ මොන්ටිසෝරියේ කොන්සට් එක දවසේ.







මේ ඉස්සෙල්ලාම ඉස්කෝලේ ගියදා.






මේවත් ඒ කාලෙම් ගත්ත ඒවා.





බලාගෙන ගියාම ඒ කාලේ ඉදලා මල් කඩලා........... :D :D :D

කකුල් දෙකෙන් පැනපු ලොකුම පිම්ම.

එක දවසක් මම කම්මැලි කමේ ගෙදරට වෙලා ඉන්නකොට ඉස්සර අපි හිටිය ගෙදරට අල්ලපු ගෙදර හිටිය මගේ අතිජාත මිත්‍රයා මාව හොයාගෙන ආවා.

අනුරුද්ධ : ඒ උබ මොකද බන් කරන්නේ.

මම : මුකුත් නෑ බං.

අනුරුද්ධ : එහෙනම් වරෙන්කෝ ගමනක් යන්න.

මම : කොහෙද බං.

අනුරුද්ධ : අපේ ගෙදර අද තෝත්තරයක්ද මොකද්ද එකක් තියෙනවා. කට්ටඬියෙකුත් ඇවිල්ලා. මල් පහන් පැල එහෙම හදා ගන්න ලී දඩු ටිකක් කපාගෙන එන්න යන්න. යමුද ?.

මම : යමුද කියලත් අහනවා. යමන් යමන් මාත්‍ මේ කම්මැලි කමේ හිටියේ.

දැන් අපි දෙන්නත් එක්ක අපේ පුටාර් එකත් පැදගෙන දැන් යනවා.

අනුරුද්ධ : දොරයලෑ ගෙවල් පැත්තට යමන්. ඒ පැත්තේ පොල් වතුවලින් ඕන තරමක් කපා ගතහැකි.

මම : අඩේ ආන්න අමරසිරියා. ඌවත් එක්කගෙන යං.


කෝම හරි මායි අනුරුද්ධයි අමරසිරියයි තුන් දෙනාම පුටාර් වලින් ගියා දොරයලගෙ ගෙදර. දොරයා කියන්නේ අපේ යාළුවෙකුට කියන සුරතල් නාමේ.

දොරයා කකුල් දෙකත් පුටුවක් උඩින් තියාගෙන ටී වී බලනව අපි යනකොට. කොහොම හරි අපි ඌවත් අඩ ගහගෙන දැන් යනවා ලී දඩු කපන්න. මොකද මේ පැත්තේ පාරවල් දන්නේ දොරයා. අඩේ මෙන්න මූ කොර ගහනවා. බැලින්නම් ගල් තැළුමක් ඇවිල්ලා.
කෝම හරි අමාරුවෙන් කොර ගගහා දොරයත් එනවා.

දොරයා : දැන් රෑටද ඕක තියෙන්නේ.

අනුරුද්ධ : ඔවු බං.

අමරසිරියා : අඩේ අමුවෙන්ම ඕව බලන්න පුළුවන්ද බං.

අනුරුද්ධ : මොකක් හරි කරමු බං. මගේ අතේ සල්ලිත් නෑ. බලමු.


දැන් අපි බුලත් කොටුවක් එහෙම පහු කරගෙත වැටකින් එහෙම පැනලා ලොකු පොල් වත්තකට ආවා. මේ තියෙන්නේ ලී කෝටු ඕන තරම්. පිහියත් අරගෙන ලී කෝටු දෙකයි කපන්න හම්බ උනේ...........

අමරසිරියා : අර බලපංකෝ අර බිම තියෙන ඒවා.

මම : මොනවද බං.

අමරසිරියා : අර අර බලපං. 10 ගෙඩිනේද යකෝ අර තියෙන්නේ.


කිව්වත් වගේ වේලිලා වැටිච්ච පොල් හැම තැනම. හරියට අපිටම කියලා තිබ්බා වගේ. කස්ටියම ෆුල් හොල්ම නයිස් වෙලා බලාගෙන ඉන්නවා.

අමරසිරියා : බලාගෙන ඉන්නේ........ අහුලපිය යකෝ බලාගෙන ඉන්නේ නැතිව.
දැන් කස්ටියම මුරකාරයා එනවද කියලා බල බල පොල් අහුලනවා. අපි ඉතිං වැටිච්ච පොල්නේ අහුලන්නේ. කැඩුවනම්නේ හොරුවෙන්නේ. අනික රෑට අමුවෙන් බලන්නත් බෑ කීවානේ. මායි අනුරුද්ධයි අමරසිරියයි පොල් අහුලනවා. දොරයා අකුලකට මුවා වෙලා මුරකාරය එනවද කියල බල බල පිහියෙන් පොල් ලෙලි ගහනවා.

දැන් පොල් ගෙඩි 50 ක් එකතු කරලා ලෙලි ගහලා ඉවරයි. ඒකාලේ පොල් මැහි වලින් පොල් ගෙඩියක් ගන්නේ රු : 10 ට. ඒ කියන්නේ දැන් රු : 500 පොල් තියෙනවා. කෝම හරි දොරයා කොර ගගහා අයෙත් ගෙදර ගිහින් පෝර උරත් ගෙනැල්ලා ඔක්කොම පෝර උර වලටත් දාලා වත්තෙන් ඇවිත් වෙලක් ලග හැංගුවා.

අමරසිරියා : දැන් එතකොට 500 ඇති වෙයිද ?. තව 10 ඇහිද ගෙන එමු බං.

තිබිච්ච පෙරේත කමට ආයේ ගිහිල්ලා පොල් ගෙඩි 10 ඇහිද ගෙන එද්දී සරමක් ගහගෙන බුවෙක් අපිට සමාන්තරව වෙන පැත්තකින් ඇවිලා කොහොන්ද බොල පොල් කීවා.

අපිත් ඉතිං ලැජ්ජාවේ බැරි කමට සද්ද නැතිව බිම බලා ගෙන යනවා. එතකොටම මේ බුවා අපි යන ඉස්සරහට පැනලා.....

හිටපියව් තොපේ .... .... බල්ලෝ. දාපිය පොල්ටික බිම. කියලා පිහියකුත් ඉනෙන් ඇදගෙන මේ යකා කෑ ගහපි.

කස්ටිය හිටි තැනම ගල් උනා. පොල් අහුලන්න කීව අමර සිරියාම කීවා දුවහල්ලා කියලා. නැත්නම් තාම අපි කස්ටියම එතන.

දොරයා තමා මේ පැත්තේ පාරවල් හොදට දන්නේ. ඒක හින්දා මම දොරයා පස්සෙන් දුවනවා. ඌ හරි පාරෙන් දුවනවා. මම කැලේ කඩාගන උගේ දකුණු පැත්තෙන් දුවනවා. දොරයා යන්‍නේ අඩි පාරේ. උගේ පිටි පස්සෙන් අර බුවා. ඒක හින්දා මට අඩි පාරට යන්න බැහැ. දොරයත් කොර ගගහා ආවට ‍මොකද දැන් කගවේනා වගේ දුවනවා. එත් එක්කම ඇල. ඊට පස්සේ වෙල. දොරයා ගානට අඩිපාරෙන් ගිහික් ඇලෙන් එගොඩ වෙලා වෙලේ නියර දිගේ දුවනවා. දොරයාව අල්ලන්න බෑ කියලා ‍තේරිච්ච අර බුවා මගේ පස්සෙන් වැටුනා.

මට අඩිපාරට යන්න විදිහකුත් නෑ. මොනව කරන්නද කැලේ කඩගෙන අඩි දෙකක් යන්න හම්බ උනේ නෑ වත්ත ඉවර වෙන වැට. හෙන කෙකටිය ගාල් හැමතැනම. ඔන්න මගේ ජීවිතේ මම කකුල් දෙකෙන් පැනපු ලොකුම පිම්ම එදා පැන්නා. මට තේරුනා මම සෑහෙන වෙලා ගිහින් තමා අර කෙකටිය ගාල උඩින් ආවේ. කෙලින්ම ඇලේ. දනි පනි ගාලා නැගිටලා මාත් දොරයා දුවපු නියර දිගේම දුවලා ගියා.

පැයකට විතර පස්සේ ආයේ කස්ටියම එකතු උනා. ඒත් අමර සිරියා නෑ. අපි ආයේ වෙන වත්තකට පැනලා ලීදඩු කපාගෙන ගෙදර ගියා. අර පොල්ටික හංගපු තැනමයි.

යන ගමන් අමරසිරියාගේ ගෙදරටත් ගොඩ උනා මූට මොකද උනේ බලන්න. මොකද අන්තිමට අමරසියාව දැක්කේ හබරල ගාලක් පොඩි කොරගෙන දුනවා විතරයි. මෙන්න මේකා බත් කනවා. හැබැයි වෙනදා සාලෙට වෙලා පුටුවක් උඩන් කකුලකුත් තියාගෙන බත් කාපු අමරසිරියා අද පිලිකන්නෙන් පුටුවක් තියාගෙන අර වත්ත තිබුණු පැත්තට පස්ස හරෝගෙන බත් කනවා.

අනුරුද්දගේ කකුලෙන් ලේ පොරෙනවා කම්බි වැටක පටලිලා.

ඒ අතරේ දොරයාගේ ගෙදර ගිහින් මුරු කාරයා දොරයාගේ තාත්තට විස්තරේ කියලා. අන්තිමට දොරයාව ගෙදරිනුත් පැන්නුවා.

මට වෙච්ච දේ නම් කියන්න ඕනේ නෑනේ. කියන්න තරම් දෙයක් උනෙත් නැහැ. :D :D :D :D

කෝම හරි අන්තිමට උගුඩුවෝ වගේ මූනෙන් මූන බලාගෙන තෝත්ත‍රේ ඇහුවා.

May 25, 2011

නිවාඩු පාඩුවේ ලියමි.

සතියක් වැඩ කරලා අද නිවාඩු පාඩුවේ මම ගෙදර. මේ මාසේ වෙච්ච දේවල් නම් බොහෝමයි. ඔක්කොම දේවල් ගැන ලියන්න ගියොත් මට සෑහෙන්න ලියන්න වෙන නිසා බොහෝම කෙටියෙන් ටිකක් ලියන්නම්.


වෙසක් පහු වෙනවත් එක්කම මට අළුත් රස්සාවකට යන්න පුළුවන් උනා. මේ වයස වෙන කොට නම් අනිවාර්යයෙන්ම කො‍ල්ලෙකුට රස්සාවක් තියෙන්නම ඕනා. මොකද හැම දේටම ගෙදරට කරදර කරන්න බෑනේ. ඒ පුරස්නේ නම් යන්තම් ගොඩ ගියා. කියන්න බැරි උනානේ. අළුත් රැකියාව ලැබුනේ ස්ටුඩියෝ එකක.


පුංචි කාලේ ඉදලා මටත් පොඩි ආසාවක් නම් තිබුනා ස්ටුඩියෝ එකක් කරන්න. ඒත් ඉතින් තිබුනු ආර්තික තත්ත්වය නිසා ඒක යටපත් උනා. නමුත් දැන් මෙතනින් වැඩේ ඉගෙන ගන්න පුළුවනි. එහෙම උනොත් මට මගේම කියලා ස්ටුඩියෝ එකක් පටන් ගන්නත් අදහසක් තියේ. කොහොම නමුත් මුලින්ම සාත්තරේ ඉගෙන ගන්න ඕන.

තව දෙයක් අපේ ගෙවත්තේ වැඩ කටයුතුත් මේ එක්කම යනවා. දැනු අළුතින් පාත්ති එහෙමත් හදලා තියෙන්නේ. අළුත් එලවළු හිටවන්න කාලේ හරි. ඒ ගැන පසුවට කියන්නම්කෝ. මෙන්න බලන්නකෝ අපේ ගෙවත්ත.





අනික තමා මාගේ ඊමේල් එකවුන්ට් එකේ අවුලක් ගියා. මමම තමා පන්ඩිත වැඩ කරන්න ගියේ. නම වෙස් කොරන්න ගිහින් තමා වැඩේ උනේ. හැමෝම දන්නවා මම බස් බදින්නේ බුල්ටෝ කියන නමින්. ඒකේ අගට වචයක් එකතු කොරන්න ගිහින් තමා වැඩේ උනේ. තාම ඒ එකවුන්ට් එකෙන් බස් පදින්න බෑ.


ඒ වාගේම මීට ටික දවසකට කලින් මගේ බ්ලෝගේ ලියල තිබුණු දේවල් පේන්නේ නැතිව ගියා. හීන්දාඩිය දාන්න ගත්තේ මේ වෙලාවේ. ආයේ අමුතුවෙන් බ්ලොගයක් හැදුවට වැඩක් තියේයෑ. මෙච්චර දවසක් ලියාගෙන ආපු බ්ලොගේ නේ වටිනාකම තියෙන්නේ. කෝම හරි ඒ වෙලාවේ යාළුවෝ කීපදෙන‍ක්ගේම් උදව් ඇතිව යන්තම් බ්ලොගේ ගොඩ දා ගත්තා. දැනුයි ඇගේ ලේ දුවනවා වගේ තේරුනේ. ඔයාලටත් මේ වගේ අත් දැකීමකට මුහුණ දෙන්න උනොත් තේරෙයි රගේ කොහොමද කියලා. ඒත් කිසිම කෙනෙකුට එහෙම වෙන්න එපා කියලයි මගේ ප්‍රාර්ථනය.

කෝම හරි තීම් එක වෙනස් කරාම වැඩේ හරි ගියා. මගේ මරණය අයියා තමා ඒ වැඩේ කරන්න කීවේ. ඒ වෙලාවේ මට උදව් කරපු හැමෝටම බෝම ස්තූති. මම ඉතිං වැඩිය තාක්ෂණික වැඩ ගැන දන්නේ නෑනේ. ඒත් එක්කම අද දවසෙත් බ්ලොගේ වැඩ කටයුතු ගැන ප්‍රියන්ත අයියයි මගේ මරණය අයියයි දෙන්නම බෝම උදව් කලා. ඒ දෙන්නටත් හා නන් අයුරින් උදව් කල හැමෝටම බෝම සුතූති.

තව වැඩක් කියන්න ඕනා. අපේ මාරයාගේ හෝරාව ලියල මාරයියා අළුත් වැඩකට අත ගහලා සිංහල බ්ලොග් කලාව ඉහළට නං වන්න. වැඩේ නම් බොහෙම පන්කාදුයි. අපි වගේ මෑත කාලයේ බ්ලොග් ලියන්න පටන් ගත්ත අයට බොහොම වැදගත් මේක. අපිට ඉතිං නිරතුරුවම දැනමුතුකම් දෙන පලපුරුදු බ්ලොග් කරුවෙක්නේ මාරයියා. බොහෝම ස්තූති වැඩේට. නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතෙන්ටම ගිහින් බලන්නකෝ බැළුවේ නැත්නම්.

http://ctkumara.blogspot.com/2011/05/blog-post_25.html 

ඒ වගේම මගේ දුකේදී මෙන්ම සැපේදී මට උදව් කරපු හැමෝටම බෝම ස්තූති. මම එහෙම කීවේ මම රක්සාවක් හොය හොය ඉන්න කාලේ බොහෝදෙනා මම දුක් උනු බොහෝ වෙලාවල් වල මට සෑහෙන ශක්තියක් උනා. ඒත් එක්කම මගේ අම්මා තාත්තා සහ මගේ අනගත බිරිඳත්. ගොඩක් අය මට උපදෙස් දුන්නා. බොහෝම සුතූති ඔයාලා හැමෝටම. මොකද මට ඒවා සෑහෙන ශක්තියක් උනා.

ඒ වගේම මගේ ඉගෙනීමේ වැඩ කටයුතු දියුණ කොර ගන්න අපේ හසී මලයා ( ඔව් ඔව් අර හාවා තමා) සෑහෙන වෙහෙසක් ගන්නවා. එයාටත් බොහෝම ස්තූති. නම් නොකිය වෙච්ච අය අමනාප වෙන්න එපා හොදද. ඔයගොල්ලෝ කරපු උදව් මට හොදට මතකයි.

අවසාන වශයෙන් මම හොද පාඩමකුත් ඉගෙන ගත්තා. ‍ලොකු ලොකු උදවියට සද්දේ දාන්න යන්න හොද නෑ කියන එක. -මොකද මගේ ඊමේල් එකවුන්ට් එක අවුල් යන්න කලියෙන් මම බස් පියාට පොඩි සද්දයක් දැම්මා.-
සතියක් වැඩ කරලා අද නිවාඩු පාඩුවේ මම ගෙදර. මේ මාසේ වෙච්ච දේවල් නම් බොහෝමයි. ඔක්කොම දේවල් ගැන ලියන්න ගියොත් මට සෑහෙන්න ලියන්න වෙන නිසා බොහෝම කෙටියෙන් ටිකක් ලියන්නම්.

වෙසක් පහු වෙනවත් එක්කම මට අළුත් රස්සාවකට යන්න පුළුවන් උනා. මේ වයස වෙන කොට නම් අනිවාර්යයෙන්ම කො‍ල්ලෙකුට රස්සාවක් තියෙන්නම ඕනා. මොකද හැම දේටම ගෙදරට කරදර කරන්න බෑනේ. ඒ පුරස්නේ නම් යන්තම් ගොඩ ගියා. කියන්න බැරි උනානේ. අළුත් රැකියාව ලැබුනේ ස්ටුඩියෝ එකක.

පුංචි කාලේ ඉදලා මටත් පොඩි ආසාවක් නම් තිබුනා ස්ටුඩියෝ එකක් කරන්න. ඒත් ඉතින් තිබුනු ආර්තික තත්ත්වය නිසා ඒක යටපත් උනා. නමුත් දැන් මෙතනින් වැඩේ ඉගෙන ගන්න පුළුවනි. එහෙම උනොත් මට මගේම කියලා ස්ටුඩියෝ එකක් පටන් ගන්නත් අදහසක් තියේ. කොහොම නමුත් මුලින්ම සාත්තරේ ඉගෙන ගන්න ඕන.

අනික තමා මාගේ ඊමේල් එකවුන්ට් එකේ අවුලක් ගියා. මමම තමා පන්ඩිත වැඩ කරන්න ගියේ. නම වෙස් කොරන්න ගිහින් තමා වැඩේ උනේ. හැමෝම දන්නවා මම බස් බදින්නේ බුල්ටෝ කියන නමින්. ඒකේ අගට වචයක් එකතු කොරන්න ගිහින් තමා වැඩේ උනේ. තාම ඒ එකවුන්ට් එකෙන් බස් පදින්න බෑ.

ඒ වාගේම මීට ටික දවසකට කලින් මගේ බ්ලෝගේ ලියල තිබුණු දේවල් පේන්නේ නැතිව ගියා. හීන්දාඩිය දාන්න ගත්තේ මේ වෙලාවේ.

May 19, 2011

සොයුරකුගේ නික්ම යාම.

කොතනින් පටන්ගෙන කොතනින් ඉවර කර ගන්නද කියලා හිතාගන්න බැරි මොහොතකයි මේ අකුරු කොටන්න ගත්තේ. හ්ම්ම්ම්ම්ම්ම්

මටත් අළුත් රක්සාවක් හම්බ උනා. මගේ බස් පදින යාළුවෝ නම් ගොඩ දෙනෙක් දන්නවා මේ වෙන කොට මම බොහොම කට්ටක් කාගෙන රක්සාවක් හොයන විත්තිය. ඒක නිමාවට පත් කරමින් අද දින සිට (මාර්තු 19) දින මට නැවත් රක්සාවකට යාමට අවස්තාව උදා උනා.

ඉතින් මගේ යාළුවෝ ගොඩක් දෙනෙක් මම රක්සාවක් නැතිව දුක් විදපු කාලේ මට සෑහෙන්න ශක්තියක් උනා. මම දුක් වෙන වෙලාවට මාත් එක්කම දුක් උනා. ඒදුක බෙදා ගත්තා. මාව දිරිමත් කලා. ඉතිං මට රක්සාවක් ලැබුනු වෙලේ මට ඒ සේරටම කියන්න ඕන උනා හෙට ඉදලා මාත් රක්සාවකට යන විත්තිය.

බ්ලොග් පෝස්ට් එකක් ලියන්නත් වෙලාව මදි. ඉතිං හොදම වැඩේ තමා බස් එකක් දාන එක. මේ ළගදි දවසක ඉදලා ගූගල් දෙයියොත් මාත් එක්ක උරන වෙලානේ. මගේ ඊමේල් ගිණුමෙන් බස් පදින්න දෙන්නේ නෑ. ඉතින් බස් පදින්න වෙනම ගිණුමකුත් අනිත් වැඩ වලට පරණ ගිණුමෙනුත් දෙකෙන්ම ලොග් වෙනවා.

මම ඊයෙත් පරණ ගිණුමට ලොග් උනා. අළුත් එකටත් ලොග් උනා. බස් පදින කවුරුවත් පේන්න නෑ. ටික වෙලාවක් යන කොට වැප් නිසාන්ත අයියා චැට් එකෙන් ආවා. ඒ කියපු දේ මම වගේම අපි කවුරුත් හීනෙකින් වත් හිතපු දෙයක් නෙමේ.

එදා අවුරදු උත්සවේ දවසේ දිළුම් අයියත් එක්ක කථා කරපු ඒ වචන කිහිපය දෝංකාර දෙන්න ගත්තා. ඒ වෙනකන්ම මම කවදාවත් දිළුම් අයියා දැකලා තිබුනේ නෑ. නමුත් ඒ ගත කරපු කාලය තුල දිළුම් අයියා බොහොම අහින්සක නිහතමානී පුද්ගලයකු බව මට වැට හුනා.



මේ ලිපිය ලියන මොහොත වන විට දිළුම් අයියා ඔහු පිළබඳ මකතය පමණක් ඉතිරි කරමින් සදහටම අපි අතරින් වෙන්වී හමාරයි. 


මතු උපදින ජාති ජාතිත් නුඹ මෙවන් අකල් මරණයටක ගොදුරු නොවේවා.


සොයුර නුඹට නිවන් සුව. එය අප සියළු දෙනාගේ පැතුමයි.

May 11, 2011

මාත් වෙසක් කූඩවක් හදනවා.

ඈ පුතේ...... මේ පාර වෙසක් කූඩුවක් හදන්නේ නැද්ද ?.

හදනව අම්මේ. අද උණ ගහක් කපාගෙන එන්න යන්න ඕනා. හැබැයි හදනවා නම් තාත්තයි මායි අම්මයි තුන්දෙනාම එකතු වෙලා හදමු.

හා හා හා. උණ ගහ කපාගෙන එන්නකෝ. බලාගෙන පරිස්සමින් යන්න.

මේ දවස් කීපයකට කලියෙන් මායි අම්මයි අතර වුනු දෙබසක්

ඔන්න මමත් උණ ගහක් කපාගෙන ගෙනැල්ලා වෙක් කූඩවක් හදන්න ලෑස්ති උනා. මුලින්ම ඉතින්  උණ ගහ කපා ගන්න එපෑ. ගියා ආච්චිලාගේ වත්තට. මේ තියෙන්නේ උණ පදුරක්ම. ඒත් ඉතින් උණ පදුරක් තිබුණු පලියට කපලා හරියනවෑ. අනිත් ගස් වලට හානියක් නොවෙන්න තියෙන මෝරච්ච ගහක් කපන්න එපෑ.

වැඩේට නියමෙට හරියන ගහක් එතන තිබුනා. ඒකත් කපාගෙන ගෙදර ගෙනැල්ලා කල්පනා කොලා දැන් මොකද්ද හදන වෙසක් කූඩුව කියලා. මොකද්ද හදන්නේ ..................... අට පට්ටමක් හදනවා පැටව් හතරක් දාලා. අම්මාගෙනුත් අහපුවාම අම්මත් හා කිව්වා වැඩේට. කෝමත් මට වෙසක්කූඩු හදන්න කියලා දුන්නේ අම්මයි තාත්තයි තමා පුංචි කාලේ.

දැන් ඉතින් උණ ගහ සුද්ද කරලා අටපට්ටමට ඕන විදියට කැපුවා. එක අටපට්ටමකට උණ බට කෑලි 24 යි. එතකොට පැටව් හතර දෙනාට එක සමාන බට කෑලි 96 යි. ඊට ටිකක් දිග බට කෑලි 24ක් ඕනා ලොකු කූඩුවට.

මම පුංචි කාලේ නම් තාත්තා තමා බට කපාගෙන ආවේ. ඊට පස්සේ ඒවා සුද්ද කරන කන් මම ළගට වෙලා බලාගෙන ඉන්නවා. තාත්තා සුද්ද කරලා ඉවර උනාම මාවත් බයිසිකලේ තියාගෙන හන්දියේ කඩේට ගිහිල්ලා බට බඳින්න කම්බියි අලවන්න සව් කොලයි ගන්න යනවා. තාත්තා අහනවා කැමතිම පාට මොනවද කියලා. පුන්චි දවස් වල ඉදලා මම කැමති වෙසක් කූඩුවලට සුදු පාට කොල අලවන්න. ඉතින් සේරම ගෙනැල්ලා අම්මත් එකතු කරගෙන අපි තුන්දෙනවා වෙසක් කූඩු හදුවා.

අද ඉතින් මම ගියා කම්බියි සව් කොලයි ගේන්න. ටවුමේ අවුරුදු වගේ. හැම තැනම වෙසක් සැරසිලි ගන්න කඩ දාලා. සව්කොල ගන්න ගිය කඩේ ගාව පොඩි ළමයෙක් (අවු : 6ක 7ක) අඩනවා. මාත් ඉතින් බැළුවා මේ මොකද මේ ළමයා අඩන්නේ කියලා.

බලපුවාම මෙයාට ඒයාගේ තාත්තා විකුණන්න තියෙන වෙසක් කූඩුවක් අරන් දෙන්න යන්නේ. පොඩි ළමයා කැමති නෑ ඒවාට. එයා කියනවා ගෙදර ගිහින් එකක් හදමු කියලා. ඒත් තාත්තා හදන්නේ එතනින් සල්ලි වලට එකක් අරන් දෙන්න. 

මම කියන්නේ නෑ ඒ තාත්තා කරන්න ගිය වැඩේ නරකයි කියලා. සමහර විට ඒ තාත්තාට වෙලාවක් නැතිව ඇති. ජීවත් වෙන්න සල්ලි හොයන්නත් ඕනැනේ. නමුත් හැම දාම වෙසක් කූඩු හදන්නේ නෑනේ. අවුරුද්දකට එක වතාවයි. ඉතින් ඒ වගේ දවසකටවත් වෙසක් කූඩවක් තමන්ගේ දරුවත් එක්කාසු කරගෙන හැදුවානම් කොච්චර හොදද .........

අන්තිමට කෝම හරි රු : 250 කට අර වෙසක් කූඩවක් අරන් යන්න ගියා. 

May 7, 2011

ආදරේ කරන්න වෙලාවක් කලාවක්  ඕනෙද ?.

හැමෝම අදරේ කරන්න ආසයි. ආදරේ ලබන්න ආසයි. ඔන්න අද කියන්න යන්නේ අපේ යාළුවෙක් ආදරේ කරන්න ගිහින් මුහුණ දුන්න ඇබැද්දියක් ගැන. නම කියන එක හරි නැති නිසා අපි මෙයාට පෙම්වතා කියලා කියමු.


පෙම්වතා කියන්නේ අපේ සෙට් එකේ හිටිය සුපිරිම බොක්කක්. මිනිහා මම දන්න කාලේ ඉදලා කෙල්ලෝ පස්සේ ගියා. කොච්චර ගියාද කියලා කියනව හැමදාම කුවුරු හරි කෙල්ලෙක් බලන්න යනවා. හැබැයි මිනිහා එක්ක කෙල්ලක් යාළු වුනත් ඒවා එච්චර කල් තිබිච්ච සම්බන්ඳ නෙමේ. සතියෙන් දෙකෙන් ඉවරයි. වැඩිපුරම ඉතින් කෙල්ලොම තමා මිනිහව දාලා යන්නේ.

කෝමහරි අන්තිමට මිනිහට ගැලපෙනම කෙනා හම්බ උනා. ආයේ ඉතිං ඒ දැරිවිගේ කිසිම අඩු පාඩුවක් නෑ. පෙම්වතාට නියමෙට ගැලපෙනවා. දෙන්නා කිරියි පැණියි වගේ සමගියෙන් සමාදානෙන් ඉන්නවා. හැබැයි අපේ එකත් එක්ක මේ ලෝකේ කෙල්ලෙකුට නම් ඉන්න බෑ. ඒත් අර දැරිවි හිටියා. අඩ අඩ හිනා වෙවී හටියා.

ආදරේට කොහෙන්ද බාදා නැත්තේ. දෙන්නටම බාදා එන්න ගත්තා. ගෙවල් දෙකෙන්ම සම්බන්දෙට කැමති නෑ. දෙන්නට හම්බ වෙන්න විදිහකුත් නෑ. කෝම කෝම හරි දෙන්නා කල්පනා කරලා තීරණයක් ගත්තා.

අපිට වෙන වෙන තැන් වල හම්බ උනොත්නේ ප්‍රෂ්ණේ. අපි ගෙදරට ඇවිත් අම්බ වෙලා කථා කරමු.

ඒත් ඉතින් ගෙදරට ගිහින් කථා කරන්න බෑනේ. මොකද ගෙවල් දෙකෙන්ම කැමතිත් නෑනේ. ගෙදර යනව නම් යන්න වෙන්නේ කාටවත් නොපෙනෙන්න. ඒ කියන්නේ රෑට.

දැන් ඉතින් වෙන කරන්න දේකුත් නැති නිසා පෙම්වතා රෑට රෑට පෙම්වතීගේ ගෙදර යන්න ගත්තා. මිනිහා ඉතිං අපිටනම් කීවේ උබලා වැරදියට හිතන්න එපා මම යන්නේ ලව් කරන්න කියලා.

දැන් පෙම්වතා රෑ 10. 30 ට 11 විතර පෙම්වතීගේ ගෙදර යනවා. යන්නේ පුට්සයිකලේකින්. ඒකත් යාළුවෙක්ගේ. යාළුවත් පුට් සයිකලේට පනට වඩා ආදරෙයි. පෙම් වතීගේ කාමරේ තියෙන්නේ ගෙදර පිට පැත්තකට වෙන්නළු. ඒකට වෙනම ‍දොරක් එහෙම තියෙනවළු. ඉතින් පිම්වතා ගිහින් දොරට තුන්පාරක් තට්ටු කරපුවාම පෙම්වතී දොර අරිනවළු. ඔන්න ඔහොම විස්තරයක් තමයි මිනිහා අපිට කීවේ. ඒකත් ජයසිරි මංගලම් කියලා අපිත් හිටියා.

ඇබැද්දිය වෙච්ච දවසේ අපි යාළුවෙකුගේ බණ ගෙදරක යන්න සෙට් වෙලා හිටියේ. පෙම්වතාත් මෝට බයිසිකලේ ඇවිල්ලා පුට්සයිකලේට මාරුවෙලා බයික් එක අපිට දීලා මිනිහා ගියා ලව් කරන්න. අපි ගියා බණ ගෙදර.

අපි ඉතින් බණ ගෙදර ගිහින් ඇවිත් බන්ඩලාගේ ගෙදර ගියා නිදා ගන්න. පෙම්වතාත් එනවා කීවේ එහාට. කෝම හරි නින්ද යාගෙන එනකොට කෝල් එකක් ආවා පෙම්වතාගෙන්.

පෙම්වතා : පුළුවන් තරම් ඉක්මට වරෙන් යකෝ.

මම : මොකද උනේ. කොහොටද එන්න ඕනා.

පෙම්වතා : බයික් එක අරන් වරෙන් අතෙන්ට.

මම හිතුවා වැඩේ හරි තමා කියලා. මොකද මූ ලව් කරන්න කියලා හිතාගෙන ගියට අනිත් මින්සු දැක්කොත් ගෙදරට රින්ගනවා හිතන්නේ වෙන දෙයක්නේ. කෝම හරි මම ගියා බයික් එකේ. ඒ දවස් වල මට බයික් පදින්නත් හරියට බෑ. කෝමහරි ගියා. යද්දි මෙන්න ඉන්නවා මූ බෝක්කුවක් උඩට වෙලා ඉදගෙන ඔළුවේ අත ගහගෙන.

මම : මොකද යකෝ උනේ.

පෙම්වතා : මාර වැඩේනේ බං උනේ. මම වෙනදා වගේ පුට්සයිකලේ බස් හොල්ට් එක එහා පැත්තේ දාලා ගියා. ඇවිත් බලනකොට ඒක තිබ්බ තැන නෑනේ. දැන් කෝමද කියහන්කෝ බයිසිකලේ නැති වෙලා කියලා අරූට කියන්නේ.

මම : තොට හොද වැඩේ රෑතිස්සේ ගෙවල් ගානේ රින්ගනවට.

පෙම්වතා : ඒම කියන්න එපා බං. මම වැරදි දේකට යනවෑ.

මම : ඔව් උබ යන්නේ සිල් ගන්ට වෙන්ටෑ. යමන් යමන් බලන්න.

දැන් අපි දෙන්නා පුට් සයිකලේ හොයනවා. වටේම ඉන්න බල්ලෝ අපිට බුරනවා. අහල පහල ගෙවල් වල මිනිස්සු ඇහෙරෙන්න කලියෙන් අපි එතනින් මාරු උනා. නැත්නම් පොලීසියෙ තමා නතර වෙන්නේ.

පහුවදා උදේ ආයෙත් පුට්සයිකලේ සෙවීමේ මෙහෙයුමට අපි දෙන්නා ගියා. යන්න කලියෙන් අපි අදුනන ඒ පැත්තේ බුවෙකුට සීන් එක කිව්වා. කිව්වා කිව්වට අර ගෙදරට හොරෙන් පනින්න ගිහින් මේක උනා කියන්නයෑ. ඒකටත් නියම කථාවක් පෙම්වතා හැදුවා.

ඊයේ රෑ මම ගියා පාටියකට. එද්දී හොදටෝම වෙරි. පුට්සයිකලේක ආවේ. අන්තිමට වෙරි වැඩි නිසා කෝල් එක් දීලා බයික් එකක් ගෙන්නගෙන ගියේ. පුට්සයිකලේ බස් හෝල්ට් එක එහා පැත්තේ දැම්මා. උදේ ඇවිත් බලද්දී නෑ.

ඔන්න කථාව. අර අදුරන බුවත් මේ කථාව කිය කිය බයිසිකලේ හෙව්වා. අන්තිමට බයිසිකලේ හම්බ උනා. වෙලා තියෙන්නේ මෙහෙමයි.

බයිසිකලේ දාපු බස් හෝල්ට් එකට ටිකක් එහා පැත්තේ කඩයක් තියෙනවා. කඩේ මුදාලාලි මූත්‍රා පාරක් දාන්න එලියට ආපුවාම දැකල තියෙනවා එකෙක් පුට්සයිකලේක ඇවිත් ඒක හිමීට තියලා හොරෙන් හොරෙන් වත්තට රිංගනවා. ඊට පස්සේ ටෝච් එකකුත් අරන් මිනිහා යනකොට පුට්සයිකලේ විතරයි. ආව එකා නෑ. මුදාලාලිත් වැඩි පිරිස්සමට මිනිහගේ කඩේට පුට්සයිකෙලේ දාලා. මොනව උනත් දැරුවෙකුගේ සයිකලයක්නේ කියලා. දරුවා කරන්න ගිය නැඩේ දන්නවා නම් ................... තාමත් පෙම්වතා ගුටි කනවා.

April 24, 2011

ඕනෙ ද ?. එපා ද ?.

ඉපදුනු දවසේ ඉදලා මොන දේ කරන්න ගියත් එපාද ?. එතකොට මොනවටද එපා නොකියන්නේ. ඒ එපා කියන ඒව අපිට ඕනෙද ?. අපි කැමති අනිත් අය අකමැති හැම දේමටම එපාද ?. ඒවා අපිට ඕනෙද ?. එපා කියලා කිව්වට අපි ඒවා නොකර හිටියද ?. කොච්චර එපා කීවත් එපා උනාද ?. ඕනෙ කියපු හැමදේම ලැබුනද ?. ලැබිච්ච දේවල් එපා උනාද ?. කොච්චර එපා උනත් ඒවා ඕනෙද ?.

වැලි අල්ලන්න එපා.
වැලි අල්ලන්න ඕනෙද ?.

ඔය කැලෑ ගානේ යන්න එපා.
කැලෑ ගානේ යන්න ඕනෙද ?.

ඔය ගස් වලට නගින්න එපා.
ගස් වලට නගින්න ඕනෙද ?.

අර හන්දියේ කොල්ලෝ ආස්සරේ කරන්න එපා.
හන්දියේ කොල්ලෝ ආස්සරේ කරන්න ඕනෙද ?.

අරක්කු බොන්න එපා.
අරක්කු බොන්න ඕනෙද ?.

මේ වගේ එපා කියන දේවල් වලින් කීයෙන් කීයක් අහුවද ?. අහපු නැති ඒවා ඕනෙද ?. කොච්චර ඇහුවත් එපා කියන එක නැවැත්තුවද ?. එපා වෙලා ඉන්න වෙලාවට මොකද කරන්නේ ?. ඕනෙ කියන ඒවා ලබා ගන්නවද ?. එපා වෙච්ච ඒව ආයේ කරනවද ?. ලෝකෙම එපා උනොත් මොකක් කරන්නද ?. ලෝකෙම එපා වෙයිද ?. ලෝකෙම ඕනෙද ?. එපා නොවිච්ච දේවල් කොච්චර තියේද ?. එවා ඔක්කොම ඕනෙද ?. එපා වෙන්න එපා වෙන්න ඕන කරන ඒවත් එපාද ?. එපා වෙච්ච දේවල් වලින් අපි අයින් වෙන්න ඕනෙද ?. එහෙම අයින් උනාම එපා නොවිච්ච දේවල් එපා වෙයිද ?. එපා උනාම එපා වෙලා වගේ ඉන්න ඕනෙද ?. එතකොට එපා වෙච්ච දේවල් හම්බ වෙයිද ?. කාටවත් එපා වෙන දේවල් මට ඕනෙද ?. මට ඕන දේවල් අනිත් අයට එපාද ?. මේ ඔක්කොම ඕනෙද ?. එපාද ?. ඕනෙ කිව්වට එපා වෙයිද ?. එපා උනාම ඕන වෙයිද ?. කොච්චර ඕන උනත් හම්බ වෙයිද ?. හම්බ උනාම එපා වෙයිද ?. එපා උනාම එපා වෙන්න ඕනෙද ?.

ඕන උනත් එපාද ?. එපා උනත් ඕනෙද ?.

ඉපදුනු දවසේ ඉදලා මොන දේ කරන්න ගියත් එපාද ?. එතකොට මොනවටද එපා නොකියන්නේ. ඒ එපා කියන ඒව අපිට ඕනෙද ?. අපි කැමති අනිත් අය අකමැති හැම දේමටම එපාද ?. ඒවා අපිට ඕනෙද ?. එපා කියලා කිව්වට අපි ඒවා නොකර හිටියද ?. කොච්චර එපා කීවත් එපා උනාද ?. ඕනෙ කියපු හැමදේම ලැබුනද ?. ලැබිච්ච දේවල් එපා උනාද ?. කොච්චර එපා උනත් ඒවා ඕනෙද ?.

වැලි අල්ලන්න එපා.
වැලි අල්ලන්න ඕනෙද ?.

ඔය කැලෑ ගානේ යන්න එපා.
කැලෑ ගානේ යන්න ඕනෙද ?.

ඔය ගස් වලට නගින්න එපා.
ගස් වලට නගින්න ඕනෙද ?.

අර හන්දියේ කොල්ලෝ ආස්සරේ කරන්න එපා.
හන්දියේ කොල්ලෝ ආස්සරේ කරන්න ඕනෙද ?.

අරක්කු බොන්න එපා.
අරක්කු බොන්න ඕනෙද ?.

මේ වගේ එපා කියන දේවල් වලින් කීයෙන් කීයක් අහුවද ?. අහපු නැති ඒවා ඕනෙද ?. කොච්චර ඇහුවත් එපා කියන එක නැවැත්තුවද ?. එපා වෙලා ඉන්න වෙලාවට මොකද කරන්නේ ?. ඕනෙ කියන ඒවා ලබා ගන්නවද ?. එපා වෙච්ච ඒව ආයේ කරනවද ?. ලෝකෙම එපා උනොත් මොකක් කරන්නද ?. ලෝකෙම එපා වෙයිද ?. එපා නොවිච්ච දේවල් කොච්චර තියේද ?. එවා ඔක්කොම ඕනෙද ?. එපා වෙන්න එපා වෙන්න ඕන කරන ඒවත් එපාද ?. එපා වෙච්ච දේවල් වලින් අපි අයින් වෙන්න ඕනෙද ?. එහෙම අයින් උනාම එපා නොවිච්ච දේවල් එපා වෙයිද ?. එපා උනාම එපා වෙලා වගේ ඉන්න ඕනෙද ?. එතකොට එපා වෙච්ච දේවල් හම්බ වෙයිද ?. කාටවත් එපා වෙන දේවල් වලින් මට වැඩක් තියේද ?.

April 14, 2011

මී අඹ අත්තේ කොහෝ කොහෝ

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ ........... //
රබාන රත්වෙන නැකත් වෙලාවට
නළාව පිබහන් කොහෝ කොහෝ


විරා නිවෙන් එලි ගොයම් ලියද්දේ
උඩින් උඩින් වර පෙත්තප්පූ
හෝරාවෙන් නොන ගතේ ගෙවෙද්දී
නෑ ගම් එනවද පෙත්තප්පූ
ගම් මැද්දේ සරු අවුරුදු දා
පච්ච වඩම් පළඳා


මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ
රබාන රත්වෙන නැකත් වෙලාවට
නළාව පිබපන් කොහෝ කොහෝ


ඉහතෙල් ගාලා ආදර අතකින්
ඉහෙන් බහින උවදුරු දුරු වී
නෙත් දෙක වාගේ අයිය නගාලට
පින් පල දේ අවුරුදු ජය වී
එක මව් කුසයේ උප දීවා
මතු මතු සංසාරේ ...........



මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ ........... //
රබාන රත්වෙන නැකත් වෙලාවට
නළාව පිබහන් කොහෝ කොහෝ
මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ ...........






April 11, 2011

මේ සිද්දියත් උනේ අපි කලින් හිටිය ගෙදර ඉද්දී. අපේ අල්ලපු ගෙදරම මගේ යාළුවෙක් හිටියා. අනුරුද්ධ තමා නම. ඉතින් දවසක් මම ගෙදරට වෙලා කම්මැලි කමේ ‍කැරකි කැරකි ඉද්දි අනුරුද්දයා අපේ ගෙදර ආවා.

April 7, 2011

මොකද්ද මේ මල

මේ අපේ ගෙවල් වලට ටිකක් එහා ඉන්න අපි අදුනන මාමා කෙනෙකුගේ ගෙදර තියෙන මල් ගහක්. මල හරිම ලස්සන නිසා මම අහුවා මොකද්ද මේ මල් ජාතිය කියලා. එයාල දන්නේ නෑ මේ මල් වලට කියන නම. ගෙනැල්ල තියෙන්නේ මාතලේ ප්‍රදේශයෙන්.


මේවා පිපෙන්නේ රෑට. හොද සුවදකුත් තියෙනවා. හරිම ලස්සනයි. නමුත් නම දන්නේ නෑ.


දන්න කෙනෙක් ඉන්නවා නම් මේ මල් ජාතියට කියන නම කියන්න පුළුවන්ද ?.

March 23, 2011

කාලෙකින් ගෙදරට කොටු උනා‍නේ

පුදුම රස්නක් ‍නොවැ මේ දවස්වල තියෙන්නේ. ඉන්න හිටින්න බැහැ නොවැ. මේ දවස්වල මේ දේෂගුණ වෙනස් වීම මට සෑහෙන්න බලපෑව. මොකද උනත් එක්ක හෙම්බිරිස්සාවකුත් හැදුන නොවැ. පස්පංගුව පැකැට් එකකින්ම වැඩේ ගොඩදාගන්න බැළුවට හරි ගියෙ නෑ.

අන්තිමට උනේ බේත් ගෙන්න යන්න ඕන කියන තීරනේට මට එන්ට උනු එක. ගෙදර හරියේ තබ දොයිතුවක් නෑ. මොනව කරන්නද අන්තිමට ඉස්පිරිතාලෙට ගොඩ උනා. අපරාදෙ කියන්න බෑ වෙනදට වඩා ‍ඉස්පිරිතාලෙත් වැඩ පිළිලත් හොදා. වැඩි වෙලාවක් යන්න කලියෙන් බේත් පෝලිමේ ඉදල ගෙදර එන ගමන් මාමලගෙ ගෙදරත් ගිහින් ජාලෙත් පොඩ්ඩක් විතර සැරිසරල ඔන්න ගෙදරට ආවා.

අම්මත් කෑම ටික උයල තිබුනු හින්ද ඒකත් ‍ඉක්මට කොටාබාල බේතුත් බීල ඇදට ගියා පොඩ්ඩක් නිදා ගන්න කියල. මොකද දොස්තර මහත්තය කීවනේ පොඩ්ඩක් රෙස්ට් කොරන්න කියල. අන්න එහෙම කොරන්න කියල හිතාගෙන තමා ඇදට ගොඩ උනේ.

නිදා ගන්නව තියා හිතන්නවත් බෑ. මොකද මගෙ කාමරේ වහලෙ සෑහෙන්න පාතයි නොවැ. වහලෙට දාල තියෙන්නෙත් ඇස්බැස්ටෝස්. තැම්බෙනව ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ. ඕකෙන් මේකෙන් උනේ සෑහෙන කාලෙකට පස්සේ මම කාමරේ කරන්න කියල කිසිම වැඩක් නැතිව ඇදට වැටිල හිටපු එක.

කම්මැලි කම යන්නත් එක්ක යන්තරේ දාල සින්දුවකුත් දා ගත්තා. දැන්නම් ටිකක් විතර හිතට සහනයක් ආව. ඉතින් ඔහොම ඇදේ පෙරලි පෙරලි ඉන්න ගමන් කල්පනාවට ආවෙ මොන අමාරුවකින් මෙතන හිටියත් අතේ සතේ නැතිව ගියත් දැන් වැටිල ඉන්න අපිටම කියල තැනක් තියනවනෙ කියලා.

අපේ තාත්තා විදුලි කාර්මික ශිල්පියෙක්. වැඩ‍කලේ කර්මාන්ත ශාලාවක. අපිට ඉතින් අපේම කියල ඉන්න තැනක් තිබුනේ නෑ. තාත්තා කෝම හරි ගන්න පඩියෙන් මටයි අම්මටයි කන්නයි බොන්නයි මට ඉස්කෝලෙ යන්නයි ගෙවල් කුලියයි ලැබෙන පඩියෙන් ගෙවනව. ඒ ටික කරල ඉවර උනහම තාත්තගෙ අතේ ඉතිරියක් කියල සතයක් වත් ඉතිරි වෙන්නෙ නෑ. තවත් ණය උනොත් ඇරෙන්න.

අපි අන්තිමට හිටියේ කඩ කාමරයක් කුලියට අරගෙන. ඒකත් එත දොරයි. ඉස්සරහින් ලෑලිදාල වහල තියෙන්නේ. ඉස්සර මහ පාර. කොයිවෙලාවෙත් දූවිලි එන හින්ද වහල තිබුනේ. අපි ඉතින් කොයි තරමෙ ගමනක් ගියත් පිටිපස්සේ දොරෙන් තමා තියේ.

ඒ හිටපු තත්ත්වේ මතක් වෙන කොට දැන් ඉන්න තත්ත්වේ දාහින්සම්පතයි.

අපේ තාත්ත්තා වැඩ කරපු කර්මාන්ත ශාලාව හදිස්සියෙම වැහුනා. ඒකෙන් ඒ කර්මාන්ත ශාලාවේ වැඩ කරපු ගොඩක් දෙනෙක් බොහෝම අසරණ උනා. මම යන්තන් උසස් පෙළට ඉස්කෝලේ යන්න පටන් ගත්තා විතරයි. ඒකටත් ඉතින් සෑහෙන මුදලක් යනවනේ.

ගෙවල් කුලියි කඩේ ණයයි මගේ වියදමයි කෑම බීම වලටයි සෑහෙන මුදලක් වැය කරන්න තාත්තට වත් කමක් නැතිව ගියා. ඒත් අපේ තාත්තා අපිව බඩගින්නෙ තිබ්බේ නෑ.

අන්තිමට අපිට දිනයක් දීලා එදාට කලින් කුලියට හිටපු තැනින් යන්න කියල අයිතිකාරය කීව.

අපිට යන්න තැනක් තිබුනේ නෑ.

අම්මයි තාත්තයි නෑදෑයින්ගෙ ගෙවල් වල ගිහින් අපිට මාස කිහිපයකට ඉන්න දෙන්න කියල ඉල්ලීම් කලා. අන්තිමට එක ගෙදරකින් කැමති උනා. මම දන්න කාලෙ ඉදල මම හැදුනු වැඩුණු පරිසරයෙන් අපිට එන්න උනා. ආවෙ අපේ අම්මගේ ගමට. ඒ උනාට මම හැදුනු වැඩුනු තැන දාල එන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ.

ඒත් ඉතින් ඉන්න තැනක් නැතිව කොහොමද එහෙ ඉන්නේ.

අන්තිමට අපි දැන් ඉන්න ගේ අපිට ලබා ගන්න පළුවන් උනා. අපිට අයිති ගෙයක් උනාට අපේ නෑදෑයො වගයක් අයිති කරගෙන හිටියේ. කොහොමහරි දගලල ගේ ගත්තා.

ගෙට ගෙවදුනේ හරියටම මගේ 20 වෙනි උපන්දිනේ දවසේ. එදා තරන් අපේ අම්මයි තාත්තයි සතුටෙන් හිටපු දවසක් මම මගෙ ඇස් දෙකින් දැකල නෑ. මොකද එයාලට සතුටු වෙන්න පුළුවන් තැකට මට එන්නත් බැරි උනා. ඒ අතරේ මේ ලැබිච්ච දේ මගෙ අම්මටයි තාත්තටයි මහ මෙරක් වගේ.

අපේ අම්මයි තාත්තයි සෑහෙන කාලෙකින් හරියට හිනාවෙනව දැක්කෙත් එදා තමා. දැන්නම් ඉතින් කන්න නැතිව ගියක් වැටිල ඉන්න තැනක් තියනවනෙ අපිට කියල ඇස් වලින් එන කදුළු බොහොම අමාරුවෙන් නවත් වන ගමන් අම්මා කීව මට අද වගේ මතකයි.

අම්ම කියපු කථාව ඇත්ත තමයි.

මොනව උනත් දැන් අපිට වැටිල ඉන්න කියල අපේම කියල තැනක් තියෙනවා.

March 14, 2011

සුභ උපන්දිනයක් වේවා .........

ඔයා ආස මොන වගේ තෑගි වලටද සුදූ .....
 
ආ මෙන්න වැඩක් ..... මගෙන් අහල තෑගි අරන් හරියන්නෙ නෑනේ ..... කාට හරි තෑග්ගක් දෙනව නම් එයාගෙන් අහන්නෙ නැතිව තමා අරන් දෙන්න ඕන .....

ඉතින් මම තෑගි ගන්න දන්නෙ නෑනේ .....

 
අයියෝ ..... මම කොහොමද ඔයාට කියල දෙන්නෙ සුදූ ..... ඒක ඉතින් තමන්ම හිතල තමා ගන්න ඕන.

 
මගේ ජීවිතේ ලැබුණු හොදම තෑග්ග දීපු ඔයාට මම දෙන උපන්දින තෑග්ග මොකද්ද කියල කොච්චර කල්පනා කලත් මට හිතෙන්නෙම නෑ. ඒකයි මම ඔයාගෙන් ඇහුවේ. 

 
අනේ මට මුකුත් එපා සුදූ ..... මට ඔයා ඉන්නෙ ඒ ඇති .....

ඔය ඉතින් මාව තරහ ගස්සන්නනෙ හදන්නේ.

අම්මෝ තියෙන වස ..... ඔහොම තරහ ගත්තොත් ඉක්මනට වයසට යයි .....

ඉතින් මොකද ? .....

රන්ඩු කෙක්ක ..... හරි හරි මම කියන දේ අරන් දෙනවද එහෙනම් .....

මට දීපු තෑග්ග‍ට සම කරන්න තෑග්ගක් ආයෙ මගෙ ජීවිතේටම මට ඔයාට දෙන්න බෑ. ඒ තමා ඔයාගෙ ආදරේ. ඒත් ඉතින් ඔයාගෙ උපන්දිනේට ඔයා ආස දෙයක් අරන් දෙන්න ඕනෙ කියල මගෙ හිත කියනව. මම මුකුත් අරන් ‍නොදුන්නත් කවදාවත් ඔයා මන් ගැන මුකුත් හිතන්නෙ නෑ කියලත් දන්නව. මම අරන් දෙන ටොෆියෙ ටොෆි කොලෙත් විසික් කරන්නේ නැතිව තියාගෙන ඉන්න ඔයාට මම මොනව හරි අරන් දුන්නොත් කොච්චර සතුටු වෙනවද කියල මම දන්නව සුදු.

මම ‍ඉතින් ඒ කාලෙ ඔයා කැමති දේවල් වැඩිය දන්නෙ නෑ නේ. ඔහොම මම ඇහුවෙ අපි ආදර වන්තයො වුන අළුතමනේ.

ඔයාට මතකද මගෙ උපන්දිනේ දවස ?. ඒ දවස මම බොහොම සතුටු වෙන දවසක්. මොකද

මම ඉපදුනු දවසෙ මගෙ අම්මයි තාත්තයි කොච්චර සතුටු වෙන්න ඇද්ද ?. අදටත් මගෙ අම්මයි තාත්තයි මගේ උපන්දිනේ දවසට කොච්චර සතුටු වෙනවද. ඉතින් එදා සතුටු වුනු හැටි මට මැවිල පේනව. එතකොට පුදුම සතුටක් මට දැනෙනව.

දෙවනි එක තමා මම ඉපදුනු දවසෙ ඉදල හිටියෙ කුලී ගෙවල් වල. නැත්නම් කඩ කාමර වල. මගෙ තාත්තට ගෙයක් හදන්න තරම් වත්කමක් තිබිනෙ නෑ. කොහොමහරි මගෙ 20 වෙනි උපන්දිනේ දවසෙ තමා අපි අපේම කියල ගෙදරකට ආවෙ. අර සතුට දෙගුණ වුනා වගේ මට දැනුනා.

තුන්වෙනි එක තමා ඔයා මට ආදරෙයි කියල මුලින්ම කියපු දවසත් මගෙ උපන්දිනේ දවසම වීම. ඒක තමා මෙතෙක් මට ලැබුණු වටිනාම උපන්දින තෑග්ග. පස්සේ අපි දෙන්නට අවුරුදු ගානක් වෙන් වෙලා ඉන්න උනත් ආයෙත් මට ඔයාව මගෙ උපන්දිනේ තියෙන මාසෙම ආයෙත් ආදරෙයි කීව.

මම ආස ටෙඩී ලට .....

 
ටෙඩී ලට ?..... අයියෝ ඔයා දැන් ලොකු ගෑණු ළමයෙක් ..... පොඩි ළමයි ‍වගේ සෙල්ලම් කරන වයසක් නෙමේනෙ සුදූ .....
මම දන්නව මම දැන් පොඩි ළමයෙක් නෙමේ කියල ..... ඒත් මම ආස ටෙඩීලට සුදූ ..... ඔයා මට අරන් දෙනව නම් ටෙඩීල අරන් දෙන්න.

ඒදා ඉදන් මම ඔයාට කොහෙ ගියත් අරගෙන ආවෙ ටෙඩියෝ. ඒ සේරම ඇද වටේ තියාගෙන ඇදේ මැද්දට වෙලා ඔයා කොච්චර සතුටු වෙනවද ?. ඉතින් ඔයාගේ උපන්දිනේ දවසට ලොකු ටෙඩියෙක් ගෙනත් දෙන්න තමා මම හිතාගෙන හිටියේ. ඒකත් හොරෙන්ම ගෙනත් දෙන්න හිතාගෙන හිටියත් මම කට වරද්ද ගත්තනේ. ඔයා දැනගත්ත මේ සැරේ උපන්දිනේ දවසට මම ලොකු ටෙඩියෙක් ගේන විත්තිය.

හැබැයි ලොකු ටෙඩියෙක් ගේනව නම් ඔයා රස්සාවක් කරල ඔයා මහන්සිවෙලා හම්බ කරපු සල්ලි වලින් ගෙන්න ඕන. නැත්නම් මට එපා.

කොහෙම හරි මට රස්සාවක් ලැබුනා.

ඔන්න සුදු මට රස්සාවක් ලැබුනා. මේ සැරේ ඔයාගෙ උපන්දිනේට ලොකු ටෙඩියා ගෙන්න පුළුවන්.

ඔයා කොච්චර සතුටු උනාද. ටෙඩිය හම්බවෙන එකටනම් නෙමේ. මට රස්සාවක් හම්බ වුන එකට.

අනේ මට ටෙඩියො එපා ..... මේ ඉන්න මගෙ සුදු ටෙඩියා මට හොදටෝම ඇති ..... ඔයා මගේ ළග ඉන්නව නම් ටෙඩියෝ මොකටද ?..... අනික ලොකු ටෙඩියෙක් කොච්චර ගන්නද ? ..... ඔයා ඒ සල්ලි අනාගතේට ඉතිරි කරගන්න .....

ඔයා කොච්චර එපා කීවත් මම ලොකු ටෙඩියෙක් ගත්ත.

මෙන්න මගෙන් ඔයාව උපන්දින තෑග්ග. මට ඔයාගේ උපන්දිනේ දවසෙ ගෙනත් දෙන්න බැරි නිසයි කලින් ගෙනත් දුන්නේ. කමක් නෑ තව දවස් දෙකනෙ.

ඔයා කොච්චර සතුටු උනාද ?. ඔයා හිමින් හිමින් ඔතල ලිබුණු කොල ටික ගලවල ලොකු ටෙඩිව එලියට අරගෙන සතුටින් බදාගෙන හිටපු හැටි මට දැනුත් මැවිල පේනව. මම දන්නව මේ වෙලාවෙත් ලොකු ටෙඩියව බදාගෙන ඉන්නව කියල. ඔයාගෙ සතුට තමා ම‍ගෙත් සතුට.

අනේ හරිම ෂෝක් සුදූ ..... මම හිතුවෙ නෑ ලොකු ටෙඩියා මෙච්චර ලස්සනයි කියලා ..... එයා හරිම ෂෝක් ..... නියමය නියමයි ..... මම කොච්චර කාලෙක ඉදලද ලොකු ටෙඩියෙක් ගන්න හිතාගෙන හිටියේ ..... ඒත් මට සල්ලි තිබුනෙ නෑනේ ..... දැන් ඉතින් මම ගත්ත වගේ නෙමේනේ ..... මගෙ සුදූනේ ලොකු ටෙඩියා ගෙනාවේ ..... මේ තමා මට මගේ උපන්දිනේ දවසක මට ලෑබුණු වටිනාම තෑග්ග සුදූ ..... ආනේ ..... මෙයා හරිම ලස්සනයි .....
 

අද දින උපන්දිනය සමරන මගෙම සුදූට සුභම සුභ උපන්දිනයක් වේවා .....