April 14, 2011

මී අඹ අත්තේ කොහෝ කොහෝ

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ ........... //
රබාන රත්වෙන නැකත් වෙලාවට
නළාව පිබහන් කොහෝ කොහෝ


විරා නිවෙන් එලි ගොයම් ලියද්දේ
උඩින් උඩින් වර පෙත්තප්පූ
හෝරාවෙන් නොන ගතේ ගෙවෙද්දී
නෑ ගම් එනවද පෙත්තප්පූ
ගම් මැද්දේ සරු අවුරුදු දා
පච්ච වඩම් පළඳා


මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ
රබාන රත්වෙන නැකත් වෙලාවට
නළාව පිබපන් කොහෝ කොහෝ


ඉහතෙල් ගාලා ආදර අතකින්
ඉහෙන් බහින උවදුරු දුරු වී
නෙත් දෙක වාගේ අයිය නගාලට
පින් පල දේ අවුරුදු ජය වී
එක මව් කුසයේ උප දීවා
මතු මතු සංසාරේ ...........



මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ ........... //
රබාන රත්වෙන නැකත් වෙලාවට
නළාව පිබහන් කොහෝ කොහෝ
මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ ...........






4 comments:

  1. අද දවසට මේක කී පාරක් ඇහුනද?.හැබැයි සිය පාරක් ඇහුනත් එපා වෙන්නෙ නැති සින්දුවක්.කොහොමද සහෝ අවුරුදු සරුද?.

    ReplyDelete
  2. ලස්සන සින්දුවක් තමයි... ඔබට සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  3. ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  4. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete