June 20, 2011

දෙවසරක් සපිරුණු සොදුරුම දිණය.

පළමුවෙන්ම කියන්න ඕනා මගේ කලින් පෝස්ට් එකට ඒ කියන්නේ උපන්දින පෝස්ට් එකට සුභ පතපු සියළු දෙනාට බෝම් ස්තූති. ඒ පෝස්ට් එකෙන් පස්සේ අද වෙනකන්ම පෝස්ට් එකක් ලියන්න වෙලොවක් නොතිබුණා වගේම ජාලේ සැරි සරන්නත් වෙලාවක් මට වැඩිය ලැබුණේ නැති තරම්. කෝමනමුත් අද මට විශේෂ දවසක්.

අද මට විශේෂ දවසක් වෙන්නේ මගේ ආදරවන්තිය මට දෙවෙනි වතාවට ආදරය ප්‍රකාශ කරලා අදට අවුරුදු දෙකක් වෙන නිසයි.

කලින් පෝස්ට් එක බලපු අයටනම් ටිකක් පැටලලි සහිත ඇති. මෙන්න මෙහෙමයි කථාව.

මේ කථාව පටන් ගන්නේ උ / පෙ ලියන්න ඉස්කෝලෙට ගිය මුල් කාලේ ඉදලා. ඒ කාලේ තමා මගේ ප්‍රථම ආදරය ඇති උනේ. ඒ අපේ ඉස්කෝලෙට අළුතින් ආපු ගෑණු ළමයෙක්. ඇති උනාට වැඩි වේගෙන් ඒක කැඩිලා ගියා. කොයි දේ වෙන්නෙත් හොදටයි කියලා හිතාගෙන මාත් හිටියා.

අපේ පංතියේ තමා උ / පෙ පන්ති වලින් අඩු වෙන්ම ළමයි හිටිය පංතිය. වැඩිපුරම හිටියෙත් අළුතුන් ආපු අය. අපි ඉතිං පරණ කස්ටිය නිසා අපිට සෑහෙන මොකක් හරි එකක් තිබුනා. අපිත් ඉතිං අයියලා වගේ හිටියා.

ඔය අතරේ තමයි හැම උසස් පෙළ පංතියකින්ම විනෝද චාරිකාවක් යන්න අවසරේ විදුහල් පති තුමාගෙන් ලැබුණේ. අනිත් පංති වල ළමයි වැඩිය හිටි නිසා එයාලට යන්න උනේ ඉස්කෝලෙන් යන විදියට. අපි ඉතිං ටික දෙනා හින්දා නිවාඩු දවසක් යොදා ගෙන ගමන ගියා. පංති බාර ගුරු තුමා අතුළුව.

ගියේ ඉතිං අම්බුළුවාව ජෛව විවිදත්ව සංකීරණය ඇතුළුව ගඩලාදෙනිය ඇම්බැක්කේ වගේ තැන බලන්න.

ඉතිං මේ චාරිකාව ගිහින් එනකොට තමා මට මගේ සුදු මැණිකේ ඉස්සෙල්ලාම මම ඔයාට ආදරෙයි කව්වේ. ඒ මගේ උපන්දිනේ දවසේ.

ඉතිං එදා ඉදලා අපි ආ‍ද‍රෙන් උන්නා. එකට කෑවා බිව්වා. එකට පංති ගියා. එකට ඉස්කෝලේ වැඩ කලා. මාත් ඉතිං මොනවට මේවා හොරෙන් කරනවද කියලා හිතලා ‍ඕන දෙයක් වෙච්චාවේ කියලා ගෙදරට කීවා. කිව්වට පස්සේ තමයි හිතුනේ නොකියාම හිටියානම් හොදයි කියලා.

කෝම හරි අපේ අම්මා තාත්තා දෙන්නම තදින් විරුද්ධ උනා. මට කරන්න කිසිම දෙයක් තිබුණෙත් නෑ. අන්තිමට මම අම්මලාගේ පැත්ත ගත්තා.

එදා ඔය කොච්චර අඩන්න ඇද්ද ?. ඒත් ඔයා මට සමාව දුන්නා. මට ඔයාගේ මූන කෙලින් බලාගෙන එදා ඉදලා කථා කරන්න බැරිව ගියා. ඔය හම්බ උන හැම වෙලාවෙම මට ඒක තේරුනා. ඒත් ඉතිං මම මොනවා කරන්නද ?. 

එදයින් පස්සේ මට වැඩිය ඉස්කෝලේ යන්න හිතුනෙත් නෑ මම ගියෙත් නෑ.

කෝමනමුත් උ / පෙ විභාගෙන් පස්සේ මට තවත් එයාව දකින්න ලැබුණේ නැති තරම්. නමුත් මගේ හිතේ එයා‍ගේ මතකය නම් ඕනාවටත් වඩා තිබුණා.

ජීවිතයේ හැල හැප්පීම් රාෂියකට පස්සේ මට ආයෙත් දවසකදි මගේ සුදූ මට ආයෙත් ලැබුණා. ඒකනම් අදටත් හීනයක් වගේ. කෝමනමුත් මට ආයේ ජීවිතය ලැබුණා කියලා මට හිතුනේ හරියටම අද වගේ දවසක මීට අවුරුදු ‍දෙකකට කලියෙන්.

මෙතෙක් ආ ගමන් මග ගැන කියකවා නම් මේ තමා මගේ ජීවිත කාලෙම ගත කරපු සොදුරුම කාලය. ඒ දේ මට ලැබුණේ මගේම සුදු මට ආයෙත් ලැබුණු නිසා. මේ ලිපියත් හදිස්සියේ ලියන නිසා කථාව බෝම් කෙටියන් තමා ලියන්න සිද්ද උනේ.

මේ තමා අපේ ආදරණිය තුන් වෙනි අවුරුද්දේ ආරම්භය. ඒ වගේම මගේ සුදූට එදා වගේම අදත් මම පොරොන්දුවක් වෙනවා.

ඒ තමා අයේ කවදාවත් ඔයාව මගෙන් ඈත් කර ගන්නේ නෑ. 

මගෙ සුදු මැණිකෙට මම හැමදාමත් ආදරෙයි. 





31 comments:

  1. උඹල දෙන්නට ජය වේවා...!!

    ReplyDelete
  2. ඔන්න මමත් උබලා දෙන්නටම සුභ අනාගතයක් පතනවා!! ලස්සන ජීවිතයක් ලස්සනටම ගත කරන්න ලැබේවා!!

    ReplyDelete
  3. ඔන්න අපෙනුත් සුභ පැතුම් ! සොමිබර ජොලිබ‍ර පැහැබර දිවියකට ආසිරි !

    ReplyDelete
  4. එළම තමා කොල්ලෝ...ඔහොම යං...
    දෙන්නටම සුභ පැතුම්..!

    ReplyDelete
  5. අවුරුදු දෙකට අවුරුදු 200ක් සතුටින් ඉන්න
    අපෙනුත් සුභ පැතුම්!!!

    ReplyDelete
  6. මම සුබ පතනවා උඹලා දෙන්නට. උඹලා දෙන්නගෙම බලාපොරොත්තු කිසිම කරදරයක් නැතිව ඉටු වෙන්න කියලා. ලස්සන කූඩුවක් හදාගන්න හැකි වෙන්න කියලා පතනවා !

    ReplyDelete
  7. සුබ පැතුම්! හැමදාම සතුටින් ඉන්න ලැබේවා.

    ReplyDelete
  8. නියම ආදරයක්...මරේ මරු.....සුභ පැතුම් දෙන්නටම....

    ReplyDelete
  9. සුභ පැතුම් මචං!
    අවුරුදු දෙකක් නෙමෙයි තව කල්ප කාලාන්තරයක් ඔය සතුට, ආදරය ඒ විදිහටම තියෙන්නයි කියලා මම ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
  10. චැහ් මොකක්ද බන් ඒ කලේ අද මම දෙන්නටම සුභ පැතුම් බස් එකක් දාන්න හිටියේ එර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්

    කමක් නෑ කමක් නෑ ඔය දෙන්නට සුභම සුභ අනාගතයක් අයියා

    ReplyDelete
  11. අපේ ආදරණීය සුභ පැතුම් පිළිගන්න මල්ලී.......... හැමදාමත් මේ වගේම සතුටින් ඉන්න ඕනේ............. බුදු සරණයි !!!

    ReplyDelete
  12. සුබපැතුම් අයියාටයි අක්කාටයි... හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා...! බුදු සරණයි..!

    ReplyDelete
  13. සුභ එකක්ම වේවා....
    යෙහෙන් වැජඹේවා..!!!

    ReplyDelete
  14. උඹලාගේ ආදරයට මගෙත් සුභ පැතුම් . ... !

    ReplyDelete
  15. සුබ පැතුම් මචං!!!

    ReplyDelete
  16. හේහ් හේහ් හේහ්....චෝයි ආදර කතාව මචෝ.... උඹලා දෙන්නගේ පොඩි පැටවුන්ට බත් කවද්දි කියන්න රසවත් කතාවක් තියෙනවා එහෙනම්....හික් හික්....

    ම්ම්ම්ම් උඹටයි අක්කටයි සතුටෙන් ආදරෙන් සමගියෙන් සියළුම බාධක මැඩගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය හදවතින්ම සහ බොක්කෙන් ප්‍රාර්ථනා කරනවා වෙනදා වගේම.....

    බලං ය‍නකොට කොයිදේ වෙන්නෙත් හොදටනේ දේවල් හැමෝටම වෙලානේ..... හික් හික්.....

    ReplyDelete
  17. “මම ගැන දැන ගන්න කියෝලම බලන්නකෝ.“

    ඔව් කියෝලම දැනගත්තා...
    ඉතින් සද්ද නැතිව ඉන්නද....
    මොන කෝලන්ද?
    සූභපතන්නම ඕනෙ...
    යෙහෙන් වැජඹෙන්නට...

    ReplyDelete
  18. හා හා සුභ අනාගතයක් හි හි... මූ හාවට විතරක් නෙවේ තව උන්ටත් ඈදලා තියනවනෙ....

    ReplyDelete
  19. ලස්සන කතාවක්... ඔයාල දෙන්නටම සුභම සුභ අනාගතයක්!

    ReplyDelete
  20. සුභම සුභ උපන්දිනයක් වගේම, අක්කටයි අයියටයි හදවතින්ම සුභ පතනවා ලස්සන හෙට දවසකට

    ReplyDelete
  21. එලම එල . . . . ඔහොම යං . . . .

    ReplyDelete
  22. ඔන්න මමත් දෙන්නටම සුබ පතනවා...මේ ආදරය හැමදාම පවතීවා !

    ReplyDelete
  23. ඕං අපෙනුත් සුභ පැතුම් එක්කොලා.... :) සුභ අනාගතයක් වේවා ;) 

    ReplyDelete
  24. ඔන්න ඔයාල දෙන්නට වාසනාවන්ත අනාගතයක් උදාවෙන්න කියලා මලිති සහ මමත් සුභ ප්‍රාර්ථනා කරනවා!!!! ජයෙන් ජය!!!

    ReplyDelete
  25. මේ තමා මම ලියපු ලිපි වලින් වැඩියෙන්ම කමෙන්ට් වැටුණු පෝස්ට් එක. මට හරිම සතුටුයි. අපි දෙන්නගේ ආදරේට වසර දෙකක් සපිරුණු දවසේ ඒ වෙනුවෙන් ලියපු පෝස්ට් එකට මේ විදිහේ සුභපැතුම් රාශියක් ලැබීම පිළිබඳව.

    කමෙන්ට් කල සියළු දෙනාට බොහෝම ස්තූතියි.

    මේ අතර ආදරේ කරන අයට තව තවත් ආදරය ලැබේවා. දැනට ආදර වන්තියක් හෝ ආදරවන්තයෙක් නොමැති අයට ඉක්මනින්ම තමුන්ගේ සහකරුවා හෝ සහකාරිය හමු වේවා.

    සියළු දෙනාටම ජය වේවා.

    ReplyDelete
  26. අඩේ පරක්කු වෙලා පොස්ට් එක දැක්කේ.. මම නං ඉතිං කතාව දන්නවනේ ;) ඔන්න මගෙනුත් උනුසුම් සුබපැතුම් :)

    ReplyDelete
  27. සුභ පැතුම් ශාමින්ද මල්ලි...

    ReplyDelete
  28. Kanishka | කණියා : බෝම ස්තූති කණි. උබ ඉතිං කථාව මුල ඉදලා අගටම දන්නවානේ.

    Hipo : බෝම ස්තූති හිපෝ අක්කේ. හික් හික්.

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. ela ela....jayasiri mangalam samiya

    ReplyDelete